සන්ධානයේ නව ලේකම් තනතුර මහින්දට ?

0
2868

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නව මහ ‍ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප ‍ලේකම්වරයෙකු වූ මහින්ද අමරවීර පත් කිරීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ‍ලේකම් ලෙස කටයුතු කළ මහාචාර්ය විශ්වා වර්ණපාල මහතාඅභාවප්‍රාප්ත වීමෙන් හිස්වූ එම ධුරය සඳහා මහින්ද අමරවීර පත් කළ යුතු යැයි යෝජනා ඉදිරිපත් වී තිබේ.
මේ අතර එම ධුරය සඳහා තවත් නම් කිහිපයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ඉදිරිපත් වී ඇති බව ද එම ආරංචි මාර්ග සඳහන් කළේ ය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ‍ලේකම්වරයා පත් කිරීමේ බලය සන්ධානයේ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට පැවැරී ඇත. ඉන්පසු එහි විධායක සභාව රැස්වී අනුමත කිරීමට නියමිතය.

(කමණී හෙට්ටිආරච්චි)

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY