දූෂණ වංචා ලොක්‌කා ඉවත් කළේ ඇමැති දෙපළකගේ බලපෑමට

0
2459

 

බරපතල දූෂණ හා වංචා පිළිබඳ ජනාධිපති විශේෂ විමර්ශන කොමිසම් සභාවේ ලේකම් ලැසිල් ද සිල්වා මහතා හදිසියේ එම ධුරයෙන් ඉවත් කර ඇත්තේ ඔහු ඉවත් නොකළොත් තමන් ආණ්‌ඩුවෙන් ඉවත් වන බවට සුළු ජාතික පක්‍ෂ නියෝජනය කරන ඇමැතිවරුන් දෙදෙනකු රජයට කළ බලපෑම නිසා බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ ඇමැතිවරුන් දෙදෙනා නියෝජනය කරන පක්‍ෂ ආණ්‌ඩුවේ හවුල්කාර පක්‍ෂවේ.

මේ එක්‌ ඇමැතිවරයෙකු බේරුම් කරණ මධ්‍යස්‌ථානයක්‌ පිහිටුවීමට සම්බන්ධ රුපියල් කෝටි 150 ක ගනුදෙනුවක්‌ සම්බන්ධයෙන් අදාළ ජනාධිපති කොමිෂන් සභාව මගින් පරීක්‍ෂණ පැවැත්වෙමින් තිබිණ.

අනෙක්‌ ඇමැතිවරයා විසින් රටේ සහල් අස්‌වැන්න තිබියදී මහා භාණ්‌ඩාගාරයේ දැනුම් දීම් නොසලකා සහල් මෙටි්‍රක්‌ ටොන් අනූනව දහසකට අධික ප්‍රමාණයක්‌ ගෙන්වීම සම්බන්ධයෙන් අදාළ කොමිසම මගින් පරීක්‍ෂණ ආරම්භ කර තිබිණි.

මෙම පරීක්‍ෂණ කටයුතු නවතා දමන ලෙස අදාළ ඇමැතිවරුන් දෙදෙනා දිගින් දිගටම මෙම කොමිසමට හා රජයේ පුද්ගලයන්ට බලපෑම් කරන ලදී.

එම බලපෑම් නොසලකා හරිමින් අදාළ පරීක්‍ෂණ කටයුතු දිගටම කරගෙන යැමට ලැසිල් ද සිල්වා මහතා පියවර ගෙන තිබිණි.

ඉන්පසුව රජයේ ඉහළම බලධාරීන් හමු වී ඇති මේ ඇමැතිවරුන් දෙදෙනා කොමිසමේ ලේකම්වරයා වහාම ඉවත් නොකරන්නේ නම් තමන් ආණ්‌ඩුවෙන් ඉවත් වන බවට දැනුම් දී තිබේ.

මේ අවස්‌ථාවේ එවැන්නක්‌ සිදු වුවහොත් රජයේ පැවැත්මට හානි කර බැවින් ලේකම්වරයා ඉවත් කර ඇත්තේ ඉන් අනතුරුවය.

අදාළ ඇමැතිවරුන් දෙදෙනා වර්තමාන රජයේ මෙන්ම පසුගිය මහින්ද රාජපක්‍ෂ රජයේද ප්‍රබල ඇමැතිවරුන් ලෙස කටයුතු කළ අය වෙති.

ජනිත සෙනෙවිරත්න

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY