dead

වවුනියාවේ විපුලානන්ද විද්‍යාලයේ ඉගෙනුම ලැබූ 13 හැවිරිදි හර්ෂවි ගංගාදරන් නමැති සිසුවිය ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඔහු දැරියගේ අවමංගල්‍යයට සහභාගිවී දැරියට අපරාධය කළ පුද්ගලයාට පවා සාපකර ඇති බව පොලිස්‌ පරීක්‍ෂණවලදී හෙළිවී ඇත.

මොහු සැක නොහිතන ආකාරයට ක්‍රියාකර ඇති අතර දැරියගේ මරණය සිදුකිරීමෙන් පසු තම ජංගම දුරකථනය පවා සඟවා ඇත්තේ දැරියගේ නිවස තුළම බව හෙළිවී ඇත.

මෙම ජංගම දුරකථනය හමුවීමෙන් පසු පොලිසිය මේ පිළිබඳව පරීක්‍ෂණ ආරම්භ කළ අවස්‌ථාවේ ඔහුගේ හැසිරීම පිළිබඳව සැක මතුවීම නිසා ඔහු ගැන සෙවිල්ලෙන් පසුවී ඇත.

සැකකරු සිසුවියගේ නිවසට ආසන්න නිවසේ පදිංචි වී සිට ඇති අතර දැරිය එල්ලී මිය ගොස්‌ සිටි අයුරු දැකබලා ගැනීමට මුලින්ම ගිය පුද්ගලයා ද වේ.

පොලිසිය වරින් වර සැකකරුගෙන් ප්‍රශ්න කරද්දී ඔහු විවිධ ආකාරයේ ප්‍රකාශ කර ඇත.

සිද්ධිය වූ දින සිසුවිය තනිව නිවසේ සිටි අවස්‌ථාවේ සැකකරු එම නිවසට ගොස්‌ සිසුවියට අතවර කර ගෙල මිරිකා මරා මළ සිරුර සාරියකින් බාල්කයේ එල්ලා ඇති බව පොලිස්‌ පරීක්‍ෂණවලදී හෙළිවී තිබේ.

නෝමන් පලිහවඩන

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY