හිටපු ඉතාලි තානාපති ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා ඉතාලියේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ යුරෝ 93,313 ක (රුපියල් 148 ලක්ෂයක් පමණ) මුදලක් සාවද්‍ය පරිහරණයට ගැනීම

සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාව විමර්ශනය කිරීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යළි ආරම්භ කර ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. එමෙන්ම එම තානාපති කාර්යාලයේ සේවය කළ ගණකාධිකාරවරයා අත්අඩංගුවට ගැනීමට ද නියමිත බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටී.

එම නිලධාරියාගේ අත්සනින් යුතුව එම මුදල් පරිහරණය වී ඇති නමුත් තානාපති කාර්යාලයේ මුදල් පිළිබඳ නිසි බලධාරියා වන්නේ තානාපති නිලධාරියාය. එම හේතුවෙන්ම මෙම මුදල් පරිහරණය සම්බන්ධයෙන් ඍජුවම තානාපතිවරයා වගකිවයුතු වේ.

මෙම චෝදනාව ඉදිරිපත්ව තිබුණේ පසුගිය රාජපක්ෂ ආණ්ඩු සමයේ දී වුව  එම පරීක්ෂණ යටපත් කෙරිණි.

2014 වර්ෂයේ අගෝස්තු මාසයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හේමන්ත වර්ණකුලසූරිය මහතාව අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපති උපදෙස් පතා තිබිණි.

                                                        උපුටනය  sathhanda

 

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY