තාජුඩීන් ඝාතනයේ ඇත්ත හේතුව හෙළිවේ

නාමල් රාජපක්ෂ , අනුර සේනානායක සහ කැප්ටන් තිස්ස යන අය අත් අඩංගුවට ගනීද ?

0
4273

පොලිස්‌ විමර්ශනවලින් හෙළි කර ගනී


ජනප්‍රිය රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය කිරීමට මූලික හේතුව වී ඇත්තේ හැව්ලොක්‌ස්‌ රගර් ක්‍රීඩා සංගමය මිලදී ගැනීම සම්බන්ධයෙන් පසුගිය රජයේ තරුණ දේශපාලනඥයකු සමග ඇති වූ ආරවුලක්‌ බව පොලිසිය මෙතෙක්‌ කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත. මෙම තරුණ දේශපාලනඥයා හැව්ලොක්‌ස්‌ රගර් සමාජය අයිතිකර ගැනීමට සූදානම් වෙද්දී වසීම් තාජුඩීන් ඊට එරෙහිව කටයුතු කර තිබේ.

තාජුඩීන් ඒ වනවිට හැව්ලොක්‌ස්‌ රගර් කණ්‌ඩායමේ ප්‍රබලම ක්‍රීඩකයා බවට පත්ව සිටි අතර මේ සිද්ධිය මුල් කරගෙන ඔහු සහ තරුණ දේශපාලනඥයා අතර දැඩි ගැටුම්කාරී තත්ත්වයක්‌ උද්ගත වී පැවතිණි.

මෙම ආරවුල මුල් කරගෙන ඇති වූ ගැටුමේ ප්‍රතිඵලයක්‌ ලෙස තාජුඩීන් ඝාතනයට ලක්‌වූ බවට සාක්‍ෂි රැසක්‌ පොලිසිය වෙත මේ වනවිට ලැබී තිබේ.

තාජුඩීන්ගේ මරණය තරුණියක්‌ මුල් කරගෙන ඇති වූ ආරවුලක්‌ නිසා සිදුවූවක්‌ බවට ඒත්තු ගන්වා පොලිස්‌ පරීක්‍ෂණ වෙනත් මගකට යොමු කිරීමට ඊට සම්බන්ධ සැකකරුවන් පසුගිය කාල වකවානුව පුරාම උත්සාහ කර තිබූ බව ද විමර්ශනවලින් අනාවරණය වී ඇත.

මේ අතර රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ , හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ රාජපක්ෂ පවුලේ හිතවතෙකු වන කැප්ටන් තිස්ස යන අය අත් අඩංගුවට ගැනීමට යන බව තහවුරු නොවූ ආරංචි මාර්ග පවසයි

thaju1
හේමන්ත රන්දුණු

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY