ප්‍රංශ කොටි ජාලයේ ප්‍රධානියා වූ තනිඅරසු පර්මලිංගම් පැරිසියේ පිහිටි සිය නිවස වෙත එන අවස්‌ථාවේ වෙඩි පහරවල් එල්ල වී බරපතළ තුවාල ලබා ඇත.

මෙයට පෙරද ඔහුට පිහියකින් ඇන සාහසිකයන් පලා ගොස්‌ තිබුණි. ප්‍රංශයේ පැරිස්‌ නුවර ලිට්‌ල් ජැෆ්නා නමැති ද්‍රවිඩ සාප්පු සංකීර්ණයෙන් අරමුදල් එකතු කිරීම භාරව සිටියේ පර්මලිංගම්ට යෑයි හෙළි වී ඇත.

පර්¨මලිංගම් මාෆියා කල්ලි සමඟ දැඩි සබඳකම් පවත්වනවා යෑයි ප්‍රංශ ආරංචි මාර්ග පැවැසීය.

මොහු අසාධ්‍ය තත්ත්වයෙන් රෝහලට ඇතුළත් කර ඇත. ප්‍රංශ ද්‍රවිඩ සම්බන්ධීකරණ කමිටුව නමැති සංවිධානය මෙහෙයවන පර්මලිංගම් පසුගිය වසරේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලය තුළ ඉසිප්‍රියා නමැති ශ්‍රී ලංකා විරෝධී චිත්‍රපටය තිරගත කිරීම සඳහා ද්‍රවිඩ ජනතාවගෙන් අති විශාල මුදලක්‌ එකතු කර ඇත.

මෙයට පෙර පැරිස්‌ කොටි නායකයකු වූ පරිති ද මාෆියා කල්ලි ප්‍රහාරයකින් මරුමුවට පත්විය.

 

කීර්ති වර්ණකුලසූරිය

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY