තොටළඟ අනවසර ඉඩම් කඩා දමයි – පැල්පත් වැසියන් මහමඟ

0
3343

 

තොටළඟ, ජපන් මිත්‍රත්ව පාලම අසළ පැවති විරෝධතාව මේ වන විට තාවකාලිකව අවසන් කර තිබේ.

කොළඹ උතුර භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා හා විරෝධතාකරුවන් අතර පැවති සාකච්ඡාවෙන් අනතුරුව විරෝධතාව අවසන් වී ඇති බව වාර්තාකරු සඳහන් කළේය.

ඒ අනුව මේ වන විට එම ප්‍රදේශයේ රථ වාහන ගමනාගමනය යථා තත්ත්වයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

නාගරික සංවර්ධන අධිකාරිය විසින් තොටළඟ ප්‍රදේශයේ තිබූ අනවසර ඉදිකිරීම් ඊයේ කඩා ඉවත් කිරීමට පියවර ගැනීමෙන් අනතුරුව ඊට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් ඊයේ පස්වරුවේ සිට අද උදෑසන දක්වා තොටළඟ , ජපන් මිත්‍රත්ව පාලම අසළ විරෝධතාවයේ නිරත වු අතර මේ හේතුවෙන් ඒ ආශ්‍රිතව රථ වාහන ගමනාගමනයට දැඩි බාධා එල්ල වී තිබිණි.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY