එංගලන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණ ශ්‍රී ලංකාවේ ලාබාල තරුණයන් සමග සමලිංගික සේවනයේ යෙදී එම දර්ශන රූගත කර විදේශ රටවල සමලිංගික ලෝලීන්ට අලෙවි කිරීමේ ජාවාරමක නිරතව සිටින බව කියන 69 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික සහ එම කාමුක දර්ශනවලට රඟපෑම සඳහා ලාබාල තරුණයන් මහලු විදේශිකයාට සැපයූ බව කියන තැරැව්කරුවන් සිව් දෙනකු කොච්චිකඩේ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක මහින්ද ගුණසේන මහතා ඇතුළු එම ඒකකයේ පොලිස්‌ නිලධාරීන් විසින් 11 දා අත්අඩංගුවට ගෙන ඇත.

මෙහි ප්‍රධාන සැකකරු වන ඇලන් රිචඩ් කේන්µSඩ් (69) නමැත්තා සහ තැරැව්කරුවන් සිව්දෙනා මසකට රුපියල් 60,000 ක කුලියක්‌ ගෙවා කොච්චිකඩේ පාතිමා පාරේ දෙමහල් නිවසක්‌ කුලියට ගෙන රැඳී සිට ඇත.

ධනවතකු වන මොහු අත දිග හැර වියදම් කරන අයෙකි. මොහුගේ ආදායම් ඉපැයීමේ මාර්ගය සහ විනෝදාංශය වී ඇත්තේ ලාබාල ශ්‍රී ලාංකික තරුණයන් සමඟ සමලිංගිකව එක්‌වී එම දර්ශන වීඩියෝගත කිරීම සහ ඡායාරූප ගතකිරීමය.

එම දර්ශන අඩංගු වීඩියෝ පට, ඡායාරූප සහ මෙමරි(චිප්) කාඩ්පත් රැගෙන මොහු සිය ජාවාරම සඳහා වරින් වර විදේශ ගතවන බවත් මොහු සෑම වසරකම අසම්මත කාමුක දර්ශන රූගතකිරීම් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත්, මීට පෙර අට වතාවක්‌ මොහු සිය ජාවාරම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත්, විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෙම සිද්ධිය පොලිසියට අනාවරණය වී ඇත්තේ මොහුගේ කාමුක දර්ශනවලට අවශ්‍ය ලාබාල තරුණයකු රවටා ගෙනවිත් විදේශිකයාගේ මන දොළ පුරවා ගැනීමට තැරැව්කරුවන් විසින් විදේශිකයාට බාරදීමෙන් අනතුරුවය. විදේශිකයාගේ බලවත් ලිංගික අපචාරයට ලක්‌වූ 17 හැවිරිදි තරුණයා මේ බව කොච්චිකඩේ පොලිසියට පැමිණිලි කර ඇත.

ඒ අනුව විදේශිකයා සහ තරුණ තැරැව්කරුවන් සිව්දෙනා විදේශිකයාගේ නිවසේ රැඳී සිටියදී අත්අඩංගුවට ගෙන ඇත. විදේශිකයාගේ මෙම කාම තැරැව්කරුවෝ සිව් දෙනා අවුරුදු 22 – 25 අතර වයස්‌වල පසුවන විවාහකයෝ වෙති.

විදේශිකයා භාරයේ තිබූ සමලිංගික කාම දර්ශන අඩංගු වීඩියෝපට, ඒ සඳහා උපයෝගී කරගත් වීඩියෝ කැමරා, නිරුවත් ඡායාරුප අඩංගු දුරකථන සහ චිප්පත් සහ ඒවායේ දර්ශන, ලිංගික උත්තේජනයන් සඳහා යොදා ගන්නා ක්‍රීම් වර්ග සහ එම ඖෂධ වර්ග අත්අඩංගුවට ගෙන ඇත.

විමල් කීර්ති

nandana

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY