වසර 28 කට පසු ඕස්ට්‍රෙලියාවට හදා ගැනීමට දුන් ගායන තරුව වැදූ මව සොයා ගත් මොහොත VIDEO

0
3409

තම ලෙයින් උපන් දරුවන් කිසිවෙකුට දෙන්නටමවක් කැමති නැත එහෙත් අපේ සමාජය තුළ පවතින දරිද්‍රතාවය හෝ වෙනත් දුෂ්ඨ සාධකයක් නිසා මවකට එවැනි තීන්දුවක් ගැනීමට සිදුවන අවස්ථා ඇත
ගෙල සිර කර මරා නොදමා , තමන්ට ලබා දිය නොහැකි වඩා හොඳ අනාගතයක් තනා ගැනීමට දරුවා පිට රටකට දෙන මවක් ජීවිත කාලය පුරාම සිතින් විඳවයි
එවැනි දරුවෙකුද තම නියම මව නොදැක මැරි මැරී උපදිනු ඇත

ඔස්ට්‍රේලියාවේ අතිශය ජනප්‍රිය ගායන රියැලිටි වැඩසටහනක් වන X – Factorහි තාරකාවක වූ රොෂානි ප්‍රිඩිස් එවැනි දැරියකි. ඇය ඔස්ට්‍රේලියානු ජාතික Bruce සහ Narelle Priddis යුවළට භාර දී ඇත්තේ, යන්තම් සය මසක ළදැරියක වී සිටියදී යි.

nerrelපසුව ඇය ඔස්ට්‍රේලියානු මවගේ සහ පියාගේ ආදරය සහ රැකවරණය මැද වැඩිමල් සොහොයුරෙකු ද සමග හැදී වැඩිණි. ඇයගේ එක ම සිහිනය වූයේ, ගායිකාවක වීම යි.

ඒ අනුව, එම සිහිනය සැබෑ කර ගැනීමේ අරමුණින් ඇය ඔස්ට්‍රේලියාවේ X – Factor රියැලිටි වැඩසටහනට ඉදිරිපත් වූවා ය. එහිදී, ඇයගේ විශිෂ්ට දක්ෂතාවලට උණුසුම් ප්‍රතිචාර ලැබුණු අතර ඇය අතිශයින් ජනප්‍රිය තරුවක් බවට පත් විය.

A very different life: The now 28-year-old lived a loving, comfortable childhood in Tamworth, New South Wales, where she chased her dreams of becoming a singer and appeared on X Factor in 2015 (pictured)

ඇය ආදරයෙන් හදා වඩා ගත් Narelle Priddis මව 2010 වසරේදී පිළිකාවක් හේතුවෙන් මෙලොවින් සමු ගත්තේ, සිය දියණියගෙන් ඉල්ලීමක් කරමිනි. එම ඉල්ලීම වූයේ, ශ්‍රී ලංකාවට ගොස් රොෂානිගේ සැබෑ මව වන වයලට් මහත්මිය හමුවීම යි.

ඒ අනුව, වසර ගණනක් ඇය සිය සැබෑ මව සෙවූ අතර ඇය සොයා ගැනීමට වසර ගණනාවක් ගත විය. ඇගේ මව අතිශය දිළිඳු තත්ත්වයක පසුවන කාන්තාවක වන අතර මව වෙසෙන ප්‍රදේශය පිළිබඳව සඳහනක් නොමැත.

රොෂානි සිය මව වන වයලට් මහත්මිය හමුවූ අවස්ථාව අතිශය හැඟුම්බර එකක් විය.

'Time stood still and it's just so emotional': A teary-eyed Ms Priddis said 'it was instant familiarity I didn't know what to expect'

වයලට් එදා සිය දියණිය ඔස්ට්‍රේලියානු මවට භාර නොදුන්නා නම් ඇය ගායන තරුවක් නොවනු ඇත. ඇය තේවත්තක් මැද සිය ජීවිතය කොටු කරගත් තවත් අසරණ කාන්තාවක් පමණක් වන්නට ඉඩ තිබිණි.

වසර 28 කට පෙර තම සිඟිති දියණිය විදේශිකයන්ට රැගෙන යාමට පෙර අවසන් වරට ඇය දෙස බලන බැල්මෙහි අසරණ බවද , අපේක්ෂා භංගත්වයද , සිත දැඩි කර ගැනීමට අසරණ ගැහැණිය දරන උත්සාහයද ලියැවී ඇත

'She's a big part of me but I don't know who she is': After years of searching, Ms Priddis finally received the news that Violet had been found and not only was she alive and well, but she couldn't wait to meet
මේ සියලු ඉතිහාස කථාව දරුවා වෙනුවෙන් ප්‍රවේසම් කර තබා ගත් හදා වඩා ගත දෙමාපියන් සතු මිනිස්කමද පුදුම සහගතය

ඒ අනුව බලන කල ඇගේ සැබෑ මව වන වයලට් ද ඇය හදා වඩා ගත් ආදරණීය ඔස්ට්‍රේලියානු මව ද මව්වරුන්ගේ නාමයට අතිශය සාධාරණයක් ඉටු කළ ආදරණීය කතුන් දෙදෙනෙකු ලෙස සැලකිය හැකි ය.

සිය සැබෑ මව දැක ගැනීමෙන් පසු ඇය සිය Facebook පිටුවේ පළ කර තිබූ අදහස මෙසේ ය..

‘My biggest advice is, have an open heart with no expectations. Adoption is the truest and most selfless manifestation of love itself, no matter what the outcome of your journey to your motherland….’

'It was instant familiarity': Ms Priddis travelled to Sri Lanka to reunite with her mother (centre) and her brothers and sisters 

roshani family


Comments

comments

NO COMMENTS

LEAVE A REPLY