දළඹුවෝ සමනලුන් වෙනවාමයි…! රන් පදක්කමක කඳුළු

0
1272

ඔය සයිකලේ ගෙනෙං,

ඔයිල් බලපං,

කෑම ටික ලෑස්ති ද?

ජීවන් ජයසිංහ කෑ ගහනවා. සුජීවන් සේනාරත්න කණ්ඩායම් කළමනාකරු සහ උපාලි රත්නායක ජාතික පුහුණුකරු ජීවන්ලා ඉගිලෙන්න ඕනේ විදිය ප්ලෑන් කරනවා.

ඒ අස්සේ ගාමිණි කොස්තා ඔවුන්ගේ කණ්ඩායම් සම්බන්ධීකරණ අමාත්‍යංශ නිලධාරියා ළමයින්ගේ අඩුපාඩු හොයමින් දුවනවා.

ජනක හේමන්තට ලං වෙච්ච මම ඔහුගේ ඔළුව හදනවා.


කිලෝමීටර් 100 රෝඩ් රේස් එක පටන් ගන්න කලින් එක කෙලියයි. රේස් එක පටන් ගත්තට පස්සේ අපේ උන් ඉගිලෙනවා.

හිතපු විදියටම ඉන්දියාව කබ්බෝ දෙන්නෙක් දාලා රේස් එක ඉස්සරහට කඩාගෙන යනවා.

ජීවන් ජයසිංහ සහ ජනක හේමන්ත කුමාරට කලබල නොවී පදින්න කියලා අපේ බැක් ලයින් එකේ කොල්ලෝ දෙන්නෙක් බැහැලා උන් දෙන්නව කවර කරනවා.

ඉන්දියාවේ අරමුණ අපේ හොදම බඩු දෙක අනවශ්‍ය විදියට කලබල කරන එක. නමුත් අපේ ප්ලෑන් එක සාර්ථකයි. ඒ තමයි ඉන්දියාව ගහන ගේමට කලබල නොවී ඉන්න එක.


රේස් එක පදින අතරේ ජනකයි ජීවනුයි කන්ඩ කෙසෙලේ ඉලලනවා. යකෝ පටන් ගන්ඩ කලින් මුන් කෙසෙල් එපා කිව්වා. දැන් හොයපංකෝ කෙසෙල්කන්. අපි ඉල්ලන්නේ පදක්කම් නං මුන් ඉල්ලන මොන ල#$බ හරි දෙන්ඩ එපැයි.

කොස්තා ඉන්දියන් කාරයෙක් ඩීල් කරන් කිලෝමීටර් ගාණක් ඉස්සරහට මෝටර් සයිකලෙන් ගිහින් කෙසෙල් හොයලා ඊළග ෆීඩ් එකේ දි කොල්ලන්ට දෙනවා.

අම්මෝ පදින එවුන්ට තියෙන සතුට.
කිලෝමීටර් 80 වෙනකොට අපේ අනික් කොල්ලෝ තුන්දෙනා, ඩේන් නුගේරා , බුද්ධික දිනුවන්, ගිහාන් පුෂ්පකුමාර බැක් ලයින් එකට බැහැලා ඉන්දියානුවෝ සහ පකිස්ථානුවෝ කවර කරනවා.

ඒ වෙනකොට ඔවුන් අපේ හොදම තුන්දෙනා වෙච්ච ජීවන් ජයසිංහ, ජනක හේමන්ත කුමාර සහ තුෂාන් චන්දන දයානන්ද ඉස්සරහා බන්ච් එකට තල්ලු කරලා ඉවරයි.

ඒ අතර තුෂාන් වෙනම ගේමක් ගහනවා. ඉස්සරහා බන්ච් එකේ ඉන්න එවුන්ව කලබල කරලා මහන්සි කරන එකයි ඔහුගේ වගකීම. ඔහු හිටපු ගමන් ජම්ප් එකක් ගහලා පකිස්ථාන් ඉන්දියන් එවුන් දෙන්නව කලබල කරලා මීටර් 20 ක් විතර ඉස්සරහට දක්කනවා.

පක්කයි ඉන්දියන් කාරයයි කලබල වෙනවා බල බලා ජනක සහ ජීවන් ශක්තිය ඉතිරි කරගනිමින් හිනා වෙවී රේස් එක පදිනවා. අන්තිම ස්ප්‍රින්ට් එකට එනකොට ජීවන් ඉස්සරහට ගන්නවා. අයේ පදිරි නෑ. ඉන්දියන් කාරයයි පක්කයි ජිවන් ගැන හොයන්න කලින් ඌ ඉගිල්ලිලා ඉවරයි. ෆිනිෂ් එකට එනකොට ජීවන් පදිනවා නෙවෙයි ඉගිලෙනවා.


මේ සටහන ලිව්වෙම රන් පදක්කම දිනුවේ ජීවන්. නමුත් ඔහුට ඒ සදහා උදව් කරමින් පැදපු තව පස් දෙනෙක් හිටියා. කේවල තරගයක එකෙක්ට පදක්කමක් දිනන්න, තව පස් දෙනෙක් කිලෝමීටර් 100 ක් පදිනවා කියන ටීම් වර්ක් එකම මදිද ලෝකේ දිනන්න. මම මේ තරගාවලිය පුරාම දැකපු හොදම ලක්ෂණය සයික්ලින් ටීම් එකේ මේ ටීම් වර්ක් එක.
ආනන්ද ජනකම කරුණ තමයි තිරය පිටිපස්සේ හිටපු අමාත්‍යංශ නිලධාරී ගාමිණි කොස්තා. ඔහු ඉන්දියන් කොල්ලෝ ටිකක් ෆෝම් කරලා අරන් මෝටර් බයික් හතරකින් ජිවන් දිරිගන්වන්න ඕෆ් සයිඩ් එකේ බයිසිකල් ටිකත් එක්ක යනවා.

ඉන්දියානුවෝ 4 දෙනා ජීවා ජීවා කමෝන් ජීවා කියමින් බයිසිකලේ පදිනවා. හරියට මනෝජ් ප්‍රභාකර්ට සනත් එලෝ එලෝ ගහද්දි ඇතැම් ඉන්දියානුවෝ ඒ ආතල් එක ගත්තා වගේ. ඇත්ත. ක්‍රීඩාවේ මේ වගේ දේවලට දේශසීමා, ජාති ආගම් නෑ. ක්‍රීඩාශීලීත්වය ඔවුන් අගයනවා.
අපි සයික්ලින් තරග තිබ්බ සෝනාපූර් දාලා ආවේ හිතේ දුකකින්. හරි ලස්සන මතකයන් ටිකක්.

බඩ මහත පකිස්ථාන් සයික්ලින් ෆෙඩරේෂන් ලේකම් අක්ෂත් අලී අපිට හරියට ආදරය කරපු මිනිහෙක්. අපේ කොල්ලෝ දිනනකොට ඔහු පක්කෝ දිනනවා වගේම සතුටු වෙනවා. අපිට කන්න කැවිලි ගෙනත් දෙනවා.


අපේ පිටිපස්සේ වැටිලා හිටිය වොලන්ටියර්ලා සමු ගන්නවා. වැළද ගන්නවා. පකිස්ථාන් ළමයි (විශේෂයෙන්ම ගෑණු ළමයි) කණගාටුවෙන් අපිට සමු දෙනවා.

සාග් සයික්ලින්. ඔව්. ඒකත් හරි අපූරු මතකයක් තමයි.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY