2001 වසරේ තලිබාන් ත්‍රස්තවාදීන්ගේ රොකට් වෙඩි සහ බෝම්බ ප්‍රහාර වලින් විනාශ කළ දැවැන්ත හිටි පිළිම වහන්සේලා යලි දැක ගැනීමට දැන් අවස්තාව උදා වී තිබේ
මේ පිළිම විනාශයෙන් කම්පනයට පත් චීන යුවළක් ඇෆ්ඝනිස්ථානයේ රජයෙන් සහ යුනෙස්කෝ සංවිධානයෙන් අවසර ලබාගෙන $ 1 20 000 ක් වටිනා 3D ප්‍රක්ෂේපන යන්ත්‍රයක් පරිත්‍යාග කර ඇත
ඒ අනුව ත්‍රිමාන තාක්ෂණයෙන් ආලෝක ධාරා මගින් අඩි 115 ක් සහ අඩි 174 ක් උස බුදු පිළිම ඒවා කඩා දැමූ විශාල කුහර තුලම සජීවීකරණය විය
එම පරිත්‍යාගය කරනු ලැබුවේ
ජැන්සන් යූ සහ ලියැන් හූ යන චීන දානපති යුවලකි
6 වන ශත වර්ෂයට අයත් විශිෂ්ඨ කළා නිර්මාණයක් වන බාමියන් බුදු පිළිම අතීතයේ බුදු සසුන පැතිරී තිබූ ඇෆ්ඝනිස්තානය සතුවු ලෝක උරුමයේ කොටසකි
ඒවා විනශ කල තලිබාන් ත්‍රස්තවාදීන් කාලයත් සමග කුරිරු වධ හිංසා වලට ලක් වීමෙන් විනාශ විය
BBC සම්මුඛ සාකච්චාවකට එක වූ තලිබාන් ත්‍රස්තවාදීන්ගේ අණ පරිදි මෙහෙයුම දියත් කල පුද්ගලයෙක් වූ මිර්සා හුසේන් පැවසුවේ තමා එදත් අදත් සදා කාලිකවත් ඒවා විනාශ කිරීම පිළිබඳව කනගාටු වන බවයි
එහෙත් එය නොකලා නම් තමා මරා දැමිය හැකිව තිබු බව ඔහු පවසයි

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY