දන්නෝ බුදුන්ගේ ගීතය ගැයූ කිශානි කවුද ?

බුදුන්ගේ ගුණ දන්නෝ ගැහැණියකට මෙලෙස අපහාස කරත්ද ?

0
5680

68 වන නිදහස් දින සැමරුම අවසන්ව සන්ධ්‍යාවේ කොළඹ ගාළු මුවදොර පිටියේ විචිත‍්‍රවත් සංස්කෘතික උත්සවයක් පැවැත්වුනා.

මෙහිදී ගායනා වූ ගීයක් නිසාවෙන් මේ වන විට අන්තර්ජාලය පුරාවටම විවිධ චොදනාවන් එම ගායිකාවට එල්ල වෙමින් පවතිනවා. එදින දන්නෝ බුදුන්ගේ ශී‍්‍ර ධර්මස්කන්ධා යන ගීතය බටහිර ඔපේරා තාලයකට ගායනා කරන ලද්දේ කි‍්‍රෂානි ජයසිංහ නම් ගායිකාවකි.

story-20140919173908-mainpic

 සමාජ ජාල අඩවි වල අපහාස පෝස්ට් ප‍්‍රදර්ශනය කෙරෙමින් පවතිනවා. ඇත්තටම කවුද මේ කි‍්‍රෂානි? ඇය සැබවින්ම ගීත ගායනා කිරීමට නොදත් ඔපෙරා ගායිකාවක්ද?

කිශානි ජයසිංහ විජේසේකෙර. විශාඛා විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාවව සිටියාය . බ්‍රිතාන්‍යයේ නොටින්ග්හම් විශ්ව විද්‍යාලයේ නීතිය පිලිබද උපාධිධාරිනියක්.

ඇය දරුවන දෙදෙනෙකුගේ මවක්. ඇයට නීතිය සහ බටහිර සංගීතය පිලිබඳ විද්‍යාවේදී උපාධි දෙකක් හිමියි. ඇය ඔපෙරා සංගීතය පිලිබඳ විශ්ව කීර්තියට පත් ශ්‍රීලංකාවේ ප්‍රථම කාන්තාවයි.

ඇය රාජකීය ඔපෙරා හවුස් හි පොදු රාජ්‍ය මණ්ඩලීය නියෝජිතයකු ලෙස දෙවන එලිළබෙථ් මහා රැජින ඉදිරියේ තනිව (solo) ගායනයෙහි යෙදුනු පළමු දකුණු ආසියානු ශිල්පිනියයි.ඇය පෙර අපර දෙදිග භාෂා දහයකින් ඔපෙරාගීත ගායනා කරනවා.

KJHeadshotWhiteHighRes-withCredits

ඇය ප්‍රංශය, ඉතාලිය , නෙතර්ලන්තය, ස්පාඤ්ඤය, තුර්කිය සහ පින්ලන්තය යන රට වලදී ඔපෙරා ගායනය සඳහා අන්තර්ජාතික සම්මාන 6ක් දිනා ගෙන තිබෙනවා. ඇයට කලාව සහ සංස්කෘතිය පිලිබඳ අකුණු ආසියානු සම්මානය, සොන්ටා සම්මානය, Associate of the Royal Academy of Music (london) for outstanding Alumni and Alumni Laureate of the University of Nottinghan යන සම්මාන හිමි ව තිබෙනවා.

ඇය අඛණ්ඩව වසර 3 ක් ශ්‍රී ලංකාවේ ජාතික ඔරු පැදීමේ ශූරිය වූ අතර අන්තරජාතික ඔලිම්පික් සම්මේලනයේ සංගීතය පිලිබඳ coordinator ලෙස සේවය කර තිබෙනවා.
De-Parelvissers-NRO053-001-e1450146223770
කි‍්‍රෂානි ජයසිංහ යනු මේ වන විට ලංකාවෙන් බිහිවී තිබෙන විශිෂ්ටතම සොප්‍රානෝ ඔපේරා ගායිකාවයි. ඔපෙරාවෙ මුදුන් මල්කඩ බදුවූ රෝයල් ඔපෙරා හවුස් හී ගායනා කිරිමට වරම් ලද එකම ශ්‍රී ලාන්කිකයා ඇයයි.

බටහිර මාධ්ය ඇයව හදුන්වන්නේ ආසියනු සොප්‍රානො කිරුලේ මාණික්යය ලෙසයි. ඔපෙරා ගායනාවන් ලාංකිකයන්ට එතරම් හුරු සංගීත මාධ්‍යයක් නොවෙන බැවින් ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාසයන්ටද මෙවැනි චෝදනාවන් එල්ල විය.

20140811_kishanitop_0

එය ශී‍්‍ර ලාංකීය රසඥතාවයේ ගැටළුවක් මිසක එම ගායක ගායිකාවන්ගේ හෝ නිර්මාණවේදීන්ගේ ගැටළුවක් නොවේය. උසස් රසඥතාවයක් අදටත් බොහෝ දෙනාට නොමැති බව පැහැදිලි වන්නේ නිදහස් දිනයේ ගැයුණු එම ගීයට ෆේස්බුක් සමාජ ජාලයෙක් පල කර ඇති අදහස් නිසාය. තවමත් බොහෝ දෙනා ගීත කියා කියන්නේ බස් වල ඇහෙන අදෝනා ගීත බවයි එම අදහස් කියවන විට පැහැදිලි වන්නේ.

Kishani
කි‍්‍රෂානි ගායනා කල ඔපේරාවක්

https://www.youtube.com/watch?v=Hfflyc45AJE

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY