වෙන්නප්පුවේ මව බිලිඳිය සමග ලිඳට පනී , දැරිය මරුට

0
3656

මාස 09 වයසැති සිය කුළුඳුල් සිඟිති දියණිය සමඟ ළිඳකට පැන සියදිවි නසා ගැනීමට තැත්කළ මවක්‌ ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන ඇති අතර සිඟිති දියණිය දියේ ගිලී මියගොස්‌ තිබේ.

දියේ ගිලීමෙන් මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස්‌ ඇත්තේ වෙන්නප්පුව බොලැස්‌ස ප්‍රදේශයේ පදිංචිව සිටි නිතූෂි දෙව්මිණි නම් දැරියකි.

ප්‍රදේශවාසීන් විසින් දිවි බේරාගෙන ඇත්තේ සමාධි ඉෂාරා නම් වයස විසිදෙහැවිරිදි කාන්තාවකි.

ඉකුත් 03 දා දහවල් ඔවුන් පදිංචි නිවස ඉදිරිපිට ඇති ළිඳට සිඟිති දැරියත් සමඟ මෙම කාන්තාව පැන තිබේ.

සුළු වේලාවකට පමණ පසු ළිඳ පිහිටි නිවසේ හිමි කාන්තාවට ළිඳ දෙසින් ඇසුන කිසියම් ශබ්දයක්‌ නිසා පරීක්‍ෂාකර බැලීමේදී මව සහ දියණිය ළිඳ තුළ සිටිනවා දැක තිබේ.

අනතුරුව ප්‍රදේශවාසීන් සමඟ දෙදෙනාම ළිඳෙන් ගොඩට ගත්තද ඒවන විටත් සිඟිති දියණිය මියගොස්‌ තිබිණි.

මව මාරවිල මූලික රෝහල වෙත රැගෙන ගොස්‌ ඇති අතර අනතුරුව රාගම ශික්‍ෂණ රෝහල වෙත මාරුකර යවා තිබේ.

මෙම මව කිසියම් මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන බව ඇගේ සැමියා පොලිසියට පවසා තිබේ.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY