ඉකුත්දා සාම්පූර් ප්‍රදේශයේදී ළිඳක තිබී හමුවූ සය හැවිරිදි දරුවාගේ මළ සිරුර ගෙල සිර කිරීමකින් සිදුවූ මිනීමැරුමක්‌ බවට අනාවරණය කරගත් බවත් සිද්ධිය සම්බන්ධයෙන් මියගිය දරුවාගේ මස්‌සිනා කෙනකු වන 15 හැවිරිදි පාසල් සිසුවකු අත්අඩංගුවට ගත් බවත් සාම්පූර් පොලිසිය සඳහන් කර සිටියේය.

අත්අඩංගුවට ගෙන ඇත්තේ සාම්පූර් විදුහලේ 10 වැනි ශේ්‍රණියේ ඉගෙනුම ලබන 15 හැවිරිදි මියගිය දරුවාගේ අම්මාගේ වැඩිමහලු සහෝදරයාගේ පුතෙකු වන සිංහරාජාසාසමර්ජිත් නමැති පාසල් ශිෂ්‍යයෙකි.

සිද්ධිය වූ දින තමන් දෙදෙනා තනිවම සෙල්ලම් කරමින් සිටියදී වයරයක්‌ මියගිය අයගේ බෙල්ලට තබා තද කළ බවත්, පසුව ඔහු සිහිසුන්ව දිගු වේලාවක්‌ මියගියාක්‌ මෙන් සිටි අතර, තමන් බියට පත්වී සිමෙන්ති කොන්ක්‍රීට්‌ කෑල්ලක්‌ ලේස්‌ පටියකින් උදරයට තබා බැඳ නිවස පිටුපස ළිඳට දැමූ බවත් සැකකරු ප්‍රශ්න කිරීමේදී ප්‍රකාශ කොට ඇත.

සාම්පූර් පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ඒ. කේ. ඒ. සවාහිර් මහතා සඳහන් කර සිටින්නේ සිද්ධිය සිදුවූ දින සිට තමාට මේ ගැන යම් කුකුසක්‌ තිබූ අතර පැති කීපයක්‌ ඔස්‌සේ විමර්ශන කිරීමෙන් පසු එම නිවසේ නැවතී පාසල්ගිය සැකකාර දරුවාගෛන් ප්‍රශ්න කිරීම ආරම්භ කළ බවයි. බෙල්ලට වයරයක්‌ දමා සෙල්ලමට තද කිරීමේදී මෙය සිදුවූ පසු සිරුර තමා පාළු ළිඳට දැමූ බවට ඔහු පිළිගෙන ඇත.

සැකකරුගේ දෙමාපියන් පවසා ඇත්තේ මෙම දරුවා සාම්පූර් තම නැගණියගේ නිවසේ නතර කොට එහි පාසල් යවන ලද්දේ හෙතෙම ගෙදර සිටියදී කිසිදු වැඩක්‌ පළක්‌ නොකොට නිතරම ටී. වී. බැලීමට පුරුදු ව සිටි නිසා බවයි. ගෙල සිර කර මියගිය දරුවාගේ බඩේ කොන්ක්‍රීට්‌ ගලක්‌ බැඳ මළ සිරුර ළිඳට දැමීමට තරම් ඔහු සාහසික වී ඇත්තේ එම රූපවාහිනි තිරවල දකින දර්ශන නිසා වීමට ඉඩඇති බවට පොලිසිය සැක පහළ කරයි.

 

කන්තලේ – ඩබ්. ඇම්. වික්‍රමසිංහ

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY