හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්‍ෂ මහතා ඇතුළු රිමාන්ඩ් භාරයට පත්කළ පස් දෙනා මේ වනවිට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රදවා සිටිති.

බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කළේ ඊයේ (30) රාතී‍්‍ර අටට පමණ දැඩි පොලිස් රැකවල් යටතේ බන්ධනාගාර බස් රථයකින් ඔවුන් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට රැගෙන ආ බවයි.

කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණ සංකීර්ණයේ සිට එම පිරිස කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට රැගෙන ඒම සදහා විශේෂිත පුහුණුවලත් බන්ධනාගර නිලධාරීන් 6 දෙනෙකු ද යොදවා තිබිණ.

මේ වනවිට මෙම පිරිස රදවා සිටින්නේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ ජේ වාට්ටුවේය.

යෝෂිත රාජපක්‍ෂ මහතා අද (31) අලුයම දක්වා වැඩි වේලාවක් නිදිවර්ජිතව ගත කර ඇති බව බන්ධනාගාර ආරංචිමාර්ග අනාවරණ කරයි.

මේ වනවිටත් බන්ධනාගාරයෙන් පිටත පොලිස් ආරක්‍ෂාව දැඩි කර තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්‍ෂ, සී එස් එන් නාලිකා ප‍්‍රධානී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ මාධ්‍ය ප‍්‍රකාශක රොහාන් වැලිවිට, සී එස් එන් ප‍්‍රධාන විධායක නිලධාරී නිශාන්ත රණතුංග, එම නාලිකාවේ අධ්‍යක්ෂවරුන් වන කවිෂාන් දිසානායක සහ රබිනාත් ප්‍රනාන්දු යන මහත්වරුන් ඊයේ (30) පස්වරුවේ අත්අඩංගුවට ගැණුනේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසිනි.

පසුගිය පාලන සමයේ ආරම්භ කරනු ලැබූ සිඑස්එන් රූපවාහිනි නාලිකාවේ කටයුතු සඳහා පොදු දේපළ යොදාගැනීම ඇතුළු මුදල් විශුද්ධි කරණ පනත යටතේ සිදු කරනු ලැබූ පරීක්ෂණයකින් පසුව ඉහත කී සැකකරුවන් අත් අඩංගුවට ගනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර පැවසීය.

බන්ධනාගාර නීති රෙගුලාසි අනුව ඉරිදා දිනයන්හිදි රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණු පුද්ගලයන් බැලීම සදහා කිසිවෙකුට අවස්ථාව ලබා නොදෙන බැවින් රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණු මෙම පිරිසගේ සුවදුක් විමසීම සදහා අද (31) දිනයේ කිසිවෙකුටත් අවස්ථාව හිමි නොවේ.

-හෙට ශිරන්ති

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හෙට දිනයේ මහා පරිමාණ වංචා විමර්ශනය සඳහා පත් කළ ජනාධිපති කොමිසමට කැඳවීමට නියමිත ය.

එම කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා මහතා පැවසුවේ, පසුගිය රජය සමයේ ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ මාධ්‍ය උපදේශකවරයෙකුව සිටි පුද්ගලයෙකුට අඩු තක්සේරුවක් යටතේ නිවසක් ලබා දෙන ලෙසට ජාතික නිවාස සංවර්ධන අධිකාරියට සිදු කළ නියෝගයක් සම්බන්ධයෙන් මෙම ප්‍රකාශය ලබා ගන්නා බව ය.

කහතුඩුව ප්‍රදේශයේ පිහිටි අදාළ නිවසෙහි වටිනාකම රුපියල් ලක්ෂ 5 ක් ලෙස දක්වා තිබුණ ද එහි සැබෑ වටිනාකම රුපියල් ලක්ෂ 55 ක් වන බවට ද තොරතුරු අණාවරනය වී ඇතැයි ඔහු පැවසී ය.

 

slmirror

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY