යෝෂිත රජපක්ෂ ඇතුළු පස්දෙනා කඩුවෙළ ප්‍ර‍ධාන මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා විසින් අද සන්ධ්‍යාවේ දින 14ට රිමාන්ඩ් කරනු ලැබූහ. සී.එස්.එන්. ක්‍රීඩා නාලිකාව මගින් රජයේ දේපළ වංචා කිරීම ඇතුළු චෝදනා රැසක් මත මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය ඔවුහු අද අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය සම්බන්ධීකාරක රොහාන් වැලිවිට,  සී.එස්.එන් නාලිකාවේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි නිශාන්ත රණතුංග සහ කවීෂාන්  දිසානායක ,අෂාන් රවිනාත් ප්‍ර‍නාන්දු යන මහත්වරුන් මෙලෙස  අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අත්අඩංගුවටගත්  පිරිස පෙබරවාරී මස 11 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY