15 හැවිරිදි දැරියට අතවර කළ සීයා – මස්‌සිනා හා පියා අත්අඩංගුවට

පහළොස්‌ හැවිරිදි දැරියකට කාලයක්‌ තිස්‌සේ ලිංගික අතවර කළ බව කියන ඇගේ සීයා, මස්‌සිනා (වැඩිමහල් සොයුරියගේ සැමියා) සහ පියා ඊයේ (28 දා) සවස මාළිගාවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

දැරියට සිදුවූ අතවරය ගැන ඇගේ මිත්තනියට පැවසීමෙන් පසු මිත්තනිය කළ පැමිණිල්ලක්‌ විමර්ශනය කර ඇගේ සීයා (62) සහ මස්‌සිනා (42) මාළිගාවත්තේදී ද, ඇගේ පියා (45) පිටකොටුවේදීද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

හැටන්හි පදිංචි දැරියගේ මව විදේශගතව රැකියාවක්‌ කරන බවත්, ඇගේ පියා පිටකොටුවේ නාට්‌ටාමි කෙනකු ලෙස රැකියාව කරන බවත් පොලිසිය පවසයි.

අතවරයට ලක්‌වූ දැරියගේ සීයා මාළිගාවත්තේ පදිංචි ඇගේ වැඩිමහල් සොහොයුරියගේ නිවසේ නැවතී සිටින බවත් දැරිය සිය පියා බැලීමට කොළඹට පැමිණි විට මාළිගාවත්තේ පදිංචි සොහොයුරිය බැලීමට එන බවත් හෙළිවී ඇත.

එහි යන සෑම අවස්‌ථාවකදීම ඇය සීයාගේ හා මස්‌සිනාගේ ලිංගික අතවරවලට ලක්‌වී ඇති බවත්, ඒ කරදර ඉවසනු නොහැකිව දැරිය සිය පියා නැවතී සිටින පිටකොටුවේ තාවකාලික ස්‌ථානයට ගිය අවස්‌ථාවේ ඔහුද මත්පැන් පානය කර ඇය දූෂණය කර ඇති බවත් පොලිස්‌ පරීක්‍ෂණවලදී හෙළිවී ඇත.

දැරිය වෛද්‍ය පරීක්‍ෂණ සඳහා කොළඹ අධිකරණ වෛද්‍ය කාර්යාලයට යොමුකර ඇත.

 

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY