kuwait-snow

මැද පෙරදිග කලාපයේ මේ දිනවල අසාමාන්‍ය ලෙස පවතින දැඩි ශීතල කාලගුණය හා බැඳුනු තවත් විශ්මය ජනක සිද්ධියක් කුවේට් දේශයෙන් දකින්නට ලැබිණි
කාන්තාර දේශ ගුණයක් ඇති කුවේට් දේශයේ බොහෝ ප්‍රදේශවලට ඊයේ හිම පතනයක් ඇති විය
මෙය ඇතැම් විට මෑත ඉතිහාසයේ මුල්ම වතාව විය හැකි අතර උදෑසන උෂ්ණත්වය 3 ° c දක්වා පහත බැස තිබිණි
වැලි කුණාටු සහ දැඩි උෂ්ණත්වයට මුහුණ දෙන කුවේට් වැසියන් හිම පතනය දැකීමෙන් උද්දාමයට පත්ව සිටින බව දැකිය හැකි විය


කාන්තාර බද පෙදෙස් වලත් සෞදි දේශ සීමාවේත් ඔටු රංචු මත පතිත වූ හිම දැකීම හාස්‍ය ජනක වූ අතර ඉදිරි දින කිහිපය තුල නැවත උෂ්ණත්වය ඉහල යනු ඇතැයි අපේක්ෂා කෙරේ

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY