තහනම් කරනු ලැබ ඇති රත් හඳුන් කන්ටේනරයක් ඩුබායි වරාය වෙත රැගෙන ආ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙක් රේගු නිලධාරීන් රවටා වැසිකිළි කවුළුවකින් ඊයේ පැන ගියේය

ක්‍රමයෙන් වඳ වී යන ශාඛයක් නිසා රත් හඳුන් ප්‍රවාහනය තහනම් කර තිබියදී ඩුබායි වෙත රැගෙන ආ තම කන්ටේනරය අත් අඩංගුවට ගැනීමෙන් වැළකීම සඳහා එමීරයේ රේගු නිලධාරියෙකුට දුරකතනයෙන් අමතා ඩිරාම් 50 000 ක අල්ලසක් ලබා දීමට යෝජනා කර තිබේ
තම රේගු පාලකවරයාගේ උපදෙස් පරිදි නිලධාරියා ඩිරාම් 80 000 ක මුදලක් ඉල්ලා ඇති අතර ඊයේ ජබෙල් අලි ප්‍රදේශයේදී මුණ ගැසී කන්ටේනරයේ ලිපි ලේඛන සමග ඩිරාම් 80 000ක චෙක් පත ලබාදීමත් සමගම ඔහු අත් අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ .

පොලිසිය පැමිණෙනතුරු ආරක්ෂක නිලධාරීන් භාරයට පත් කරනු ලැබූ ලාංකික ව්‍යාපාරිකය වැසිකිළි යාමේ මුවාවෙන් ගොස් වැසිකිලියේ සුළං කවුළුව ගලවා ඉන් පැන ගොස් ඇත

2013 වසරේදීද ඔහු විසින් රැගෙන ආ රත් හඳුන් කන්ටේනරයක් එමීරයේදී අත් අඩංගුවට ගෙන ඇත
.බෙහෙත් වර්ග සහ රුප ලාවන්ය ආලේපන සඳහා චීනයේදී ඉතා අධික මිලකට රත් හඳුන් අලෙවි කල හැක
දැඩි නීති සහිත එමීරය්දී පැන ගොස් සැඟවී සිටීමට හෝ රටින් පිටව යාමට හැකිවේද යන්න ප්‍රශ්නයකි

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY