පසුගිය කාලය තුළ ඒකාබද්ධ විපක්ෂයේ ක්‍රියාකාරීව කටයුතු කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුම දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් ලෙස පත්වීම් භාරගෙන ඇත
හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරමින් හිටපු කථානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ දිස්ත්‍රික් සම්බන්ධීකරන කමිටු සම සභාපතිවරයෙකු ලෙස පත් කෙරුනි . එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජනක බණ්ඩාර තෙන්නකෝන්, පවිත්‍රා වන්නිආරච්චි, සුමේධා ජී. ජයසේන සහ ගීතා කුමාරසිංහද දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් ලෙස පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි
මේ අතර ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන කොමියුනිස්ට් පක්ෂයේ චන්ද්‍රසිරි ගජධීර මන්ත්‍රීවරයාද මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයෙකු ලෙස පත් කරනු ලැබ ඇත
දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් 54 දෙනෙකු මෙලෙස පත් කර ඇති අතර, සෑම දිස්ත්‍රික්කයක් සඳහාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මැති ඇමතිවරුන් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපතිවරුන් ලෙස පත්කර තිබේ
මේ අනුව ඒකාබද්ධ විපක්ෂය දිය කරමින් ජනපති වරයා අතින් පත් වීම් ලබාගත් මේ මන්ත්‍රීවරුන්ගේ සහය රජයට හිමි වනු ඇත

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY