හදිසියේ පැමිණි පියාගෙන් සැඟවීමට ගොස් ලිස්සා බිමට වැටෙයි

milan

තම පෙම්වතිය හමු වීම සඳහා ගිය 18 හැවිරිදි තරුණයෙකු අනපේක්ෂිත ලෙස පෙම්වතියගේ පියාගේ පැමිණීම නිසා 5 වන තට්ටුවේ ජනේලයෙන් පිටත සැඟවීමට ගොස් ඇද වැටීමෙන් ඊයේ රාත්‍රියේ මිය ගියේය

මිලානෝ වියා සත්තා අලේ පොලිස් ස්ථානයට නුදුරු මහල් නිවාසයක තම මව සහ බාල සොහොයුරන් සමග වාසය කළ 15 හැවිරිදි පෙම්වතිය හමුවීම සඳහා තරුණයා ගොස් සිටියදී තරුණියගේ පියා හදිසියේම පැමිණ තිබේ

සැඟවීම සඳහා ජනේලයෙන් පිටතට පැමිණ බිත්තියේ එල්ලී සිටීමට වෙර දැරීමේදී ලිස්සා ගොස් මීටර් 15 ක් පමණ පහළ බිමට ඇද වැටීමෙන්  අවාසනාවන්ත ලෙස තරුණයා මරුමුවට පත් විය
ඔහුගේ සිරුර කැළි කසළ රැස් කරන බහලුම් අසළ තිබී සොයා ගැනිණි

මේ කණගාටුදායක ඉරණමට ගොදුරු වූයේ මිලානෝ බ්ලුම් ජාත්‍යන්තර පාසලේ 12 වන වසරේ ඉගෙනුම ලැබූ අශාන් අප්පුහාමි නම් දීප්තිමත් ශිෂ්‍යයෙකි

නිවසේ ආරවුලක් ඇති වීමෙන් පසුව සිද්ධිය සිදුවීද යන්න පිළිබඳව සොයා බැලු පොලිසියට එවැනි කිසිදු සාක්ෂියක් හමු නොවූ අතර දැරියගේ පියා ඇතුළු කිහිප දෙනෙක්ගෙන් ඊයේ රාත්‍රිය පුරාම පොලිසිය ප්‍රශ්න කරණු ලැබිණි

milan1

 

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY