18 හැවිරිදි ඇඟලුම් සේවිකාව කැලයකට ගෙනගොස් දුෂණය කර මරා දමයි

0
2868

 

මහියංගන ඇඟලුම් ආයතනයක සේවය නිමවී නිවෙස බලා යමින් සිටි 18 හැවිරිදි තරුණියක රිදීමාලියද්ද, අලුකැටියාව ප්‍රදේශයේ ලඳු කැලයකට රැගෙන ගොස්‌ අතවර කර පෙරේදා (01 දා) සවස මරා දමා ඇත.

මෙසේ අතවර කර මරා දමා ඇත්තේ වේවත්ත, කන්නල්කුඹුර, අංක 08 නිවසේ පදිංචිව සිටි බස්‌නායක මුදියන්සේලාගේ රම්‍යා විදර්ශනී අබේවර්ධන නමැති තරුණියකි.

රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ කුරාලේ වෙල වසමේ අලුකැටියාව තේක්‌ක ගොවි වන වගාව තුළ මෙම තරුණිය මරා දමා සිටියදී ඊයේ (02 දා) උදැසන ගම්වාසීන් විසින් සොයාගෙන ඇත.

මීට මාස 3 කට පෙර සිට ඇය රිදීමාලියද්ද, අලුකැටියාව ප්‍රදේශයේ තම මවගේ සහෝදරයාගේ නිවසට පැමිණ ඇති අතර එහි සිට ඇඟලුම් කම්හලේ සේවයට ගොස්‌ ඇත. පෙරේදා ඇඟලුම් කම්හලේ සේවය නිමවී ඇය සවස නිවසට නොපැමිණීම හේතුවෙන් නිවෙස්‌ හිමියන් හා ගම්වාසීන් ප්‍රදේශය පුරා රම්‍යා සොයා තිබේ.

මාමාගේ නිවසට ආසන්න කැලෑවක්‌ අසල ඇයගේ ජංගම දුරකථනය හා කුඩය වැටී තිබෙනු දැක ඒ සම්බන්ධයෙන් මහියංගන පොලිසිය දැනුවත් කර ඇත. ඇය සොයා රාත්‍රියේ මෙහෙයුම් සිදු කළද සොයා ගැනීමට නොහැකි වී ඇත.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY