ඉතාලියේ නාපොලි නගරයේ ජීවත් වූ යුවළක් වෙන්වී ලංකාවට ගිය පසු සැමියා විසින් තම බිරිදට වෙඩි තබා අනතුරුව පිහියකින්ද ඇණ ඝාතනය කර ඇත

මෙසේ ඝාතනය කර ඇත්තේ වෙන්නප්පුව ,සිරිගම්පල යාය 6 පදිංචි වර්ණකුලසූරිය දිමුතු තක්ෂිලා නැමැති 27 හැවිරිදිදෙදරු මවකි.
මෙම අඹු සැමි යුවළ කලක් තිස්සේ නාපොලි නගරයේ රැකියාව කරමින් සිට ඇති බවත්,එහිදී ඇති වූ පවුල් ආරවුලක් මත වසර දෙකක කාලයක් තිස්සේ වෙන් වී ජීවත් වි ඇති බවට තොරතුරු ලැබි ඇතැයි පොලිසියි කියයි.

මෙම කාන්තාව පසුගිය 30වැනිදා තම දරුවන් දෙදෙනාද සමග ලංකාවට පැමිණ ඇති අතර ඊයේ (02 දා)උදෑසන ලංකාවට පැමිණ ඇති ඇගේ සැමියා විසින් ඊයේ රාත්‍රියේදීම ඇයව ඝාතනය කර ඇති බවට මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

සැකකාර සැමියා ඊයේ රාත්‍රි 9 ට පමණ මෙම එම කාන්තාව සොයාගෙන ඇගේ නිවසට පැමිණ ඇතත් ඇය ඒ වන විට අසල්වැසි නිවසකට ගොස් සිට තිබේ.

පසුව ඇය සොයාගෙන එම නිවසටද ගොස් ඇති සැකකාර සැමියා මෙම කාන්තාව නිවසින් එළියට කැදවා සමාදාන වී ජීවත් වීමට එන්නැයි ඇවිටිලි කර තිබේ පසුව වෙඩි තැබීමෙන් සහ පිහියෙන් ඇනීමෙන් මෙම ඝාතනය සිදු කර ඇතැයි පොලිසිය කීය.

ඝාතනය සිදුකිරීමෙන් පසුව පලා ගිය සැකකාර සැමියා ඔහුගේ ඥාතියෙකුගේ නිවසක සැගවී සිටියදී ‍වෙන්නප්පුව පොලිසිය විසින් අත්අඩංගුවට ‍ගෙන ඇති අතර ඝාතනය සදහා යොදාගත් බව කියන කුඩා පිස්තෝලයක් සහ උල් පිහියක් ඔහු සන්තකයේ තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබේ.

අදාළ පිස්තෝලය ඉතාලියේ නිෂ්පාදිත එකක් බවටත්,සැකකරු ඉතාලියේ සිට මෙරටට මෝටර් සයිකල් අපතර කොටස් එවන අතර බහලුම් වල සඟවා එම පිස්තෝලයද හොර රහසේම මෙරටට ගෙනඑන්නට ඇති බවටත් පොලිසිය සැකකරයි.

තමන් විසින් බිරිදට තැබූ වෙඩිල්ල පිළිබදව විශ්වාස නැති නිසා ඇයව නිශ්චිත වශයෙන්ම මරාදැමීමේ අරමුණින් පිහියෙන් ඇන්න බවට සැකකරු විසින් පොලිස් ප්‍රශ්නකිරීම්වලදී හෙළිකර තිබේ.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY