d6
ලෙබනනයේදී අවාසනාවන්ත ලෙස මරණයට ගොදුරු වූ බොරැල්ලේ ඩිලානිගේ තැනින් තැන නිල් පැහැ ගත් නිසල සිරුර දැන් සයිඩ් ලෙබනන් රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත
ඒ සිරුර දුටු මනතින් මරණයට පෙර ඇය විඳි අනේක වධ වේදනා වල තරම දැක ගත හැකිය
කලවේ සහ පපුවේ තැලුම් පහරවල් හොඳින් දැකගත හැකි විය

d4

                මරණයට පත් වූ පසු ඇය එල්ලා ඇති බව ගෙළ ප්‍රදේශයේ ඇති තොන්ඩුවට හිර වූ සලකුනෙන්ම පැහැදිළි වන බව ඇගේ මළ සිරුර පෙන්වමින් රෝහලේ වෛද්‍ය සහායකයෙකු පැවසීය

d5

                        වසර 10 ක පමණ කාලයක් තිස්සේ බීරුට් නුවර ආසන්නයේ විවිධ රැකියාවන්හී යෙදුන ඇය දැනට කාලයක් තිස්සේ විසා බලපත්‍ර නොමැතිව
රැකියාවේ යෙදී සිටි
එසේ වීසා නොමැතිව , නීති විරෝධී ලෙස රැඳී සිටින විට ඔවුන් අපයෝජනය කිරීමේ පහසුව වැඩි වේ , රැකියා දීමේදීත් , නවාතැන් පොළවල් ලබා දීමේදීත් විසා නැති ගැහැණුන්ට විඳින්නට සිදුවන අකටයුතු කම් රැසකි
මගතොටේ ; බස් රියේ ඔවුන් ගමන් කරන්නේද , රාත්‍රිය පහන් කරන්නේද දැඩි බියකිනි

                      ඉක්මනින් තානාපති කාර්යාලයට භාර වී ලංකාවට යාමේ අරමුණ අයට තිබු බව ඈ සමග අවසන් දින කිහිපය තුළ කතා කල කිසිවෙකු අප සමග පැවසීය
ඇයට බොහෝ යෙහෙළියන් නොසිටි අතර සිටි යෙහෙළියන්ද වීසා නොමැති කම නිසා සාක්ෂියක් දීමට ඉදිරිපත් නොවේ

කිසි ලෙසකින්වත් ඔවුන් පාවා නොදෙන බව අවබෝධ කරවීමෙන් පසුව අපට යමක් දන ගත හැකි විය
දීන කිහිපයකට පෙර සීට්ටුවක් ලැබීමෙන් ඩොලර් 7000ක් මුදලක් ඇය අතට ලැබී තිබේ
එම සීට්ටුව ලබා දුන් කාන්තාව පවසන පරිදි ඩිලානිගේ අවසන් සිහිනය වුයේ ඉක්මනින් ලංකාවට පිටත් වීමය

                         එහෙත් දිගු කලක් තිස්සේ ඈ සමග එක්ව වාසය කළ ඊජිප්තු නරුමයාගෙන් ,ෆිලිපීන තරුණියක සමගද පැවැත්වූ සම්බන්ධය නිසා ඇති වූ හබ වලදී අනවරත පහර දීම් වලට ලක් වු ඇය කලකිරී සිට ඇත
එදා රාත්‍රියේ ඇය ට පහර දෙන හඬත් , ඇය විලාප තබන හඬත් අසල් වැසියන්ට ඇසි තිබේ
සියලු ශබ්ද නැවතී මොහොතකට පසු එල්ලී මියගොස් සිටි ලාංකික තරුණියගේ සිරුර සොයා ගත හැකි විය
මසිරි මිනී මරුවා ජූනි පොලිස් ස්ථානයේ අත් අඩංගුවේ සිටි

                  සිද්ධිය පිළිබඳව අප තානාපති කාර්යාලය දැනුවත් කළ විගසම තානාපති නිලධාරීන් පොලිසිය වෙත ගොස් අවශ්‍ය පියවර ගනු ලැබිණි
එසේ වුවත් මළ සිරුර රෝහලේ පවතින දිනක් පාසා ගෙවිය යුතු ගාස්තුව ඉහළ යයි
අපේ අත් දැකීම් අනුව සයිඩ් ලෙබනන් රෝහලේ අතීත වාර්තා එතරම් පිරිසිදු නොවේ
අවයව උදුරා ගැනීම පිළිබඳව පවා අප වෙත වාර්තා වී ඇත

විසා නොමැතිව රැඳී සිටින අපේ ලාංකිකයන් පිළිබඳව යමක් කිරීමට විදේශ අමාත්‍යාංශය දැන් වත් පියවර ගත යුතුය
ඔවුන් පිළිබඳව තානාපති කාර්යාලවලට කළ හැකි දෑ අල්පය .රජයක් ලෙස රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මේ රටවල බලධාරීන් සමග සාකච්චා කර පොදු සමා කාලයක් හෝ නීත්‍යානුකුල භාවයක් ලබා දීමට පියවර ගත යුතුය

narad80@hotmail.com

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY