k . සුජීවාගේ සහ අජිත් ගේ අනාවරණය නොකළ සත්‍ය කථාව

0
4076

බොහෝ බලාපොරොත්තු සහිතව ඇරැඹු ජීවිත , ගමන නිම වන්නට පෙර නතර වූ විට ජීවිතයෙන් පලා යා යුතුද ?
යළිත් අලුත් බලාපොරොත්තු සමග දෛවයට අභි යෝග කිරීම වරදක්ද ?
ලෝකයට අප දෙස බලා කැමැති දෙයක් කියන්නට නිදහස ඇත
එහෙත් අපේ ජීවිත වල සැබෑ දුක් කම් කටොලු හඳුනන්නේ අපම පමණි
අප බිම වැතිරී වේදනා විඳින මොහොතක සනසන්නට නොඑන බොහෝ දෙනා අප දෙපයින් නැගී සිට යළි සිනාසෙන විට අවි අමෝරා සටනට එයි
පසු ගිය කාලයේ සුජීවා සහ අජිත් මුතුකුමාරණ අපේ මාධ්‍ය වල පුවත් මැවුයේ පැරණි විවාහයන්ගෙන් සමුගෙන එක වහලක් යටට පැමිණීම නිසාය

බොහෝ ඇනුම් බැනුම් වලට ඔවුන් දෙදෙනා එක්ව පිළිතුරක් සපයා ඇත
තම ජීවිතයේ අනාවරණය නොකළ සැබෑ කථාව දැන් යුග ගීයක් ලෙස ඔවුන් ප්‍රකාශයට පත් කර තිබේ

පි: ඉරි ගසා කොටුකළ ජීවිතෙන් ඔබ නිසා මිදුනා

ගැ : ඉකි ගසා හැඬු කාලයේ බිඳුණු සිත හැදුනා //

 

පි: නොදැන සෙනෙහස මං මුළා වී පැමිණි දිගු ගමනේ

    පැන් පොදක් ගෙන අතර මගදී ඔබයි මුණ ගැසුණේ

ගැ :නපුරු සරදම් අසෙණි වැස්සට තෙමුණු ජීවිතයේ

    නිවා සනසන සුපෙම් උණුසුම ඔබයි ගෙන ආවේ

 

පි: ඉරි ගසා කොටුකළ ජීවිතෙන් ඔබ නිසා මිදුනා

ගැ : ඉකි ගසා හැඬු කාලයේ බිඳුණු සිත හැදුනා //

 

 

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY