ලෙබනනයේ අපේ තරුණියක් මරා එල්ලලා ?

0
5017

 

ඊයේ රාත්‍රියේ ලෙබනනයේ සහල් අල්මා ප්‍රදේශයේ ජීවත් වූ 32 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණියක් තමා ජීවත් වූ කාමරයේ එල්ලී මියගොස් තිබියදී සොයා ගත හැකි විය ;

කොළඹ ප්‍රදේශයේ සිට පැමිණි ඩිලානි ලෙස හඳුනාගත් ඇය ඊජිප්තු (මසිරි ) ජාතිකයෙකු සමග ජීවත් වී තිබේ .ඔහු විසින් ගෙල සිර කර මරා පසුව එල්ලා ඇතිබව පොලිසිය සැක කරයි
ඇයට වෙනත් ලාංකිකයින් ඇසුරු කිරීමට ඉඩ නොදුන් බවත් නිතර දරුණු පහර දීම් වලට ගොදුරු වූ බවත් අසල් වැසියන් පවසයි
පොලිසිය විසින් සැක කරු අත් අඩංගුවට ගෙන ඇති අතර ඇගේ කාමරය සීල් තබා ඇත

තම කාමරයේ කුළිය මාස ගණනාවක් තිස්සේ ගෙවා ගැනීමට නොහැකිව සහ දැඩි ආර්ථික දුෂ්කරතා වලින්ද ඇය පීඩාවට පත්ව සිට ඇත
මැද පෙරදිග බොහෝ රටවල රැකියා නියුක්ත අපේ කාන්තාවන් ඉන්දීය , බංගලි , මසිරි , හා අරාබි ජාතිකයන් සමග පමණක් නොව ලාකිකයන් සමගද අනියම් සම්බන්ධතා පැවැත් වීමේ අවදානම පසු ගිය කාලය පුරාම මෙවැනි අපරාධ සිදු වීමෙන් පැහැදිලි වේ

මීට පෙරද ලාංකික තරුණියක් කපා කොටා මරා දමා තිබුනේද , එල්ලා මරා දමා තිබුනේද බේරුට් නගරයට ආසන්න ප්‍රදේශ වලය
අද උදෑසනම සිත් tv කාර්යාලය බීරුට් තානාපති කාර්යාලය දැනුවත් කළ අතර මේ සම්බන්ධයෙන් අවශ්‍ය මැදිහත් වීම නොපමාව අපේ තානාපති කාර්යාලය විසින් සිදු කරනු ඇතැයි බලාපොරොත්තු වෙමු

narada wijesuriya

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY