තම ජංගම දුරකථනයෙන් කාන්තාවන්ගේ අසභ්‍ය ඡායාරූප ගත් බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව හෝමාගම පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු හෝමාගම අතුරුගිරිය පාරේ ලොතරැයි අලෙවි සලක්‌ අසල අත් පත්‍රිකා බෙදමින් සිටියදී ලොතරැයි මිලදී ගැනීමට කාන්තාවන් දෙදෙනකු පැමිණ ඇති බවත්, එම අවස්‌ථාවේ සැකකරු ඔහුගේ අතේ තිබූ අත් පත්‍රිකාව බිම දමා එය අහුලා ගන්න මුවාවෙන් පහත් වී තම ජංගම දුරකථනයෙන් එම කාන්තාවන් දෙදෙනාගේ ඇඳුමට යටින් ජංගම දුරකථනය අල්ලා ඡායාරූප ගත කර ඇති බවත් පොලිසිය කියයි.

ඒ බව දුටු අවට වෙළෙඳ සල් හිමියෙක්‌ සැකකරු අල්ලා පොලිසියට භාරදුන් අවස්‌ථාවේ ඔහු අතේ තිබූ ජංගම දුරකථනයේ මෙමරි කාඩ්පත කඩා විසිකර දමා ඇත. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝමාගම ප්‍රදේශයේ නේවාසිකව පදිංචිවී සිටින තිස්‌සමහාරාම බෙරලිහෙල පදිංචි පුද්ගලයෙකි.

සැකකරු හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. හෝමාගම පොලිසියේ ස්‌ථානාධිපති උපුල් ලියනගම මහතාගේ උපදෙස්‌ මත අපරාධ අංශයේ ස්‌ථානාධිපති පො.ප. චන්ද්‍රසේකර මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.

 ලෙනාඩ් ජයසේකර

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY