කිඹුලා ඩැහැගෙන ගිය ධීවරයාගේ සිරුර

       තම බාල පුතුගේ උපන්දිනයට කේක් එකක් මිලට ගැනීමට මුදල් සෙවීම සඳහා (24) කොග්ගල කළපුවේ ඉස්සන් ඇල්ලීමට ගිය ධීවරයෙකු කිඹුලෙකුට ඩහැගෙන යාමෙන් මිය ගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ අහංගම ගුරුකන්ද ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකු වන නලීන් ප්‍රසාද් කුමාර දළුවත්ත (32) නැමති අයෙකි.

මෙම පුද්ගලයාගේ බිරිද මීට මාස කිපයකට පෙර විදේශගතව ඇති අතර මොහුගේ බාල දරුවා වන රම්‍ය උධාර මධුසංක ගේ පස්වැනි උපන් දිනය අදට යෙදී ඇත.

තම පුතුගේ පස් වැනි උපන් දිනය වෙනුවෙන් උපන් දින කේක් එකක් මිලට ගැනීමට කොග්ගල කලපුවේ ඉස්සන් ඇල්ලීමට ගිය මෙම ධීවරයා ඊයේ පස්වරුවේ නැවත නිවසට පැමිණ නැති අතර ඔහු පිළිබදව ප්‍රද්ශවාසීන් විසින් සොයා ඇතත් ඔහු හමු වී නැත.

පසුව අද දහවල් ප්‍රදේශවාසීන් කළ සොයා බැලීමේදී කිඹුලකු විසින් ඇදගෙන ගොස් කා දමා තිබුන නලීන් ප්‍රසාද් ගේ මළ සිරුර සොයාගනු ලැබුනි.

මළ සිරුර සොයාගන්න විටත් කිඹුලන් විසින් සිරුරේ ඉනෙන් පහළ කොටස කා දමා තිබුනි.

 

රවීන්ද්‍ර ලියනගේ

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY