කුවේට් හි සේවය කළ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාව‍ගේ ඝාතනය සම්බන්ධ‍යෙන් එරට පොලීසිය අත්අඩංගුවට ගෙන සිටින තරුණයන් දෙදෙනා වරද පිළිගෙන තිබෙන බව විදේශ රැකියා අමාත්‍යාංශය පවසයි.

ඔවුන් අත් අඩංගුවට ගැනීමෙන් පසුව චෝදනා වෙනස් කර මියගිය කාන්තාවට අසාධාරණයක් වීමට ඉඩ නොතබා නිසි පරිදි තම වගකීම ඉටුකළ කුවේට් හී තානාපති කාන්දීපන් බාලසුබ්‍රමනියම් මහතා ඇතුළු තානාපති කාර්ය මණ්ඩලයට විශේෂ ගෞරවය හිමි විය යුතුය
මෙවැනි සිද්ධි වලදී බොහෝ විට නිලධාරීන්ගේ මන්දෝත්සාහී බව නිසා අසරණ ලාංකිකයන් අසාධාරණයට ගොදුරු විය

මේ ශ්‍රී ලාංකික කාන්තාවගේ ඝාතනය සියැසින් දුටු තවත් ශ්‍රී ලාංකික කාන්තාවකගේ සාක්ෂි ලබාගෙන තිබෙන අතර ඇය මේ වනවිට කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාන්දීපන් බාලසුබ්‍රමනියම් මහතාගේ රැකවරණය යටතේ සිටි.

එම ශ්‍රී ලාංකික කාන්තාව සේවය කළ නිවසේ හිමිකරුගේ පුතුන් දෙදෙනා එලෙස සැකපිට අත්අඩංගුවට ගෙන ති‍බෙන අතර ඔවුන් විසින් වරද පිළිගැනීමත් සමඟම මියගිය ශ්‍රී ලාංකික කාන්තාව වෙනුවෙන් ඉහළම වන්දි මුදලක් ලබාගැනීමට හැකිවෙතැයි විදේශ රැකියා ඇමැතිනී තලතා අතුකෝරාල මහත්මිය ප්‍රකාශ කරයි.

ඇමැතිවරිය ඒ බවසදහන් කළේ බත්තරමුල්ලේ පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහත්මිය සදහන් කළේ කැකිරාව, ශාස්ත්‍රවේලිය ප්‍රදේශයේ පදිංචි දෙදරු මවක් වූ ජයවතී ඉලංගසිංහ නැමැති කාන්තාවක් එලෙස ඝාතනයට ලක්ව තිබෙන බවත් ඇය මරණයට පත්වූ බව දැන ගන්නට ලැබුණු මොහොතේ සිට අවශ්‍ය කටයුතු කඩිනමින් සිදුකළ බවත්ය.

ඇයගේ මෘත ශරීරය ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගනු ලැබූ බවද ඊට අමතරව ඇයගේ පවුල වෙනුවෙන් කාර්යාංශය විසින් රුපියල් 30,000ක මුදලක් පිරිනැමූ බව සදහන් කළ ඇමැතිවරිය ඇය පසුගිය 2012 වසරේ දී රැකියාවක් සඳහා කුවේටය බලා පිටත්ව ගොස් තිබෙන බවද පැවසුවාය.

 

narada wijesuriya

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY