පහසුවෙන් තේරුම් ගත නොහැකි පරිදි වචන වරද්දමින් මුදල් ඇමැති රවි කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2016 අයවැය කතාවේදී ජනතාවට බලපාන අයවැය යෝජනා සැකෙවින් පහතින් ඉදිරිපත් කර ඇත.

රුපියල් මිලියන 25ක වැඩි වාර්ශික ආදායම් බදු ගෙවන්නන්ට විශේෂ පහසුකම් සැපයේ.ඒ අතර ගුවන් තොටුපොළේ වීඅයිපී පහසුකම්, රජයේ ආයතනවලදී ප්‍රමුඛතාව, රජයේ උත්සව සඳහා ආරාධනය, ජනපති හා අගමැති අතර හමුවක් ලබාදීම ආදිය වෙයි.

දුරකථන සඳහා පිටරටක සිට ලැඛෙන ඇමතුම් සඳහා මිනිත්තුවකට අයකළ ඩොලර් ශත 9 ගාස්තුව ඩොලර් ශත 3 දක්වා අඩු කිරීමට කටයුතු කරනු ලැබේ.
සූදු බද්ධ වාර්ෂිකව මිලියන 400ක් දක්වා වැඩිකරනු ඇත.
උලූ‍ කර්මාන්තය වසර තුනක් දක්වා ආදායම් බද්දෙන් නිදහස් කරනු ඇත.

වැට් බදු නිදහස් සීමාව මිලියන 12ක් කරන අතර සිල්ලර හා තොග වෙලදාම බද්දෙන් නිදහස් කෙරේ.

කොටස් ගණුදෙනු,ඉදිකිරීම් සඳහා වූ ඇපකර සහ සංචාරක සංවර්ධන යන බදු ඉවත් කෙරේ
දුම්කොළ මධ්‍යසාර කැසිනෝ ව්‍යාපාර වලින් 25%ක අමතරවබද්දක් පෞද්ගලික ආදායමෙන් අයකෙරේ
කැසිනෝ ව්‍යාපාර සඳහා වන බද්ද මිලියන 400 දක්වා වැඩි කෙරේ

උපයන විට ගෙවන බදු නොගෙවන සීමාව රුපියල් මිලියන 2.4ක් කරන අතරම ඊට වැඩි ඉපයීම් සඳහා 15%ක එකම අගයක බදු අයකරනු ඇත.

අර්තාපල් බද්ධ රුපියල් 25 කින් අඩු කරන අතර අර්තාපල් කිලෝව 75-80 දක්වා වනු ඇත.
ලොකුළුෑණු බද්ධ රුපියල් 25 කින් අඩු වන අතර කිලෝව රු 85-95 අතර වනු ඇත.
ළදරු කිරි පිටි රු 100 කින් අඩුවේ
කඩල කිලෝ එක උපරිම සිල්ලර මිල රු. 169/-
පරිප්පු පාලන මිල රු 169
කට්ට කරවල කිලෝ එක උපරිම සිල්ලර මිල 1100/-
සාලයා කිලෝවක උපරිම සිල්ල මිල 425/-
ටින් මාලූ ග්‍රෑම් 425ක ටින් එකක මිල රුපියල් 125කින් අඩුවේ
දේශීය කිරි ග්‍රෑම් 400 පැකට්ටුවක උපරිම මිල රුපියල් 295
කිලෝ 12.5ක ගෑස් සිලින්ඩරයක මිළ රුපියල් 150කින් අඩු කෙරේ. භූමිතෙල් මිල රු. 10 කින්ද අඩු කෙරේ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හැකියා වර්ධනයට රු මිලියන 50ක්

පෑලියගොඩ සිට කොටුවට නව පිවිසුම් මාර්ගයක්

විදෙස්ගතවන නුපුහුණු සහ පුහුණු ශ්‍රමිකයින්ගේ අවම වැටුප අමෙරිකානු ඩොලර් 300ක් දක්වා ඉහළ දැමීමට පියවර

ජනවාරි 01 වන දා සිට රාජ්‍ය සේවයට බැෙඳන සේවකයින්ට නව විශ්‍රාම ක්‍රමවේදයක්
කැළනිවැලි දුම්රිය මාර්ග නවීකරණයට රුපියල් මිලියන 450ක් වෙන්කරනු ලැබේ.

කැළනි පාලම හරහා කොළඹට ප්‍රවේශ වන මාර්ගය නවීකරණයට රුපියල් මිලියන  4000ක් වෙන්කරනවා. මධ්‍යම අධිවේගී මාර්ගය දඹුල්ල, පොලොන්නරුව, මුලතිව් හරහ යාපනයට දීරඝ කරනවා. අධිවේගී මාර්ග දෙපස කර්මාන්ත ඉදිකරනු ඇත.

විදේශ දූත මණ්ඩල සේවයේ යෙදී පිරිසට විධිමත් පුහුණුවක් ලබාදීමටත් ඔවුන්ගේ දරුවන්ගේ අධ්‍යාපනයේ සම්පූර්ණ වියදම් රජය විසින් දැරීමට කටයුතු කරනු ලැබේ.

විශ්‍රාමික සමාජික අරමුදල් විචක්ෂණ ක්‍රියාවලිය සිදුකිරීමට ආයතනයක් ස්ථාපිත කිරීමට යෝජනා කරනවා 2016 ජනවාරි මස සිට අලූතින් සේවයට බැඬෙන රජයේ නිලධාරීන්ට විශ්‍රාම වැටුප් දායකත්වයක් ලබාදීමට කටයුතු කරනවා. වෘත්තී සමිති එකඟතාව මත සේවක අර්ථ සාධක අරමුදල හා සේවක භාරකාර අරමුදල් ඒකාබද්ධ කිරීමට කටයුතු කරනු ඇත.

දේශීය ආයතන හා එක්ව බස්රථ නිෂ්පාදනය කිරීමේ හැකියාව පිළිබඳව අධ්‍යනය කිරීමට ලංකා ගමන ගමන මණ්ඩාලයට යෝජනා කෙරේ.
ලංගමය සඳහා බස්රථ මෙරටටදීම නිපදවීමේ අවස්ථා සොයා බැලේ

සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල එකතු කිරීමේ යෝජනාව රජය සහ වෘත්තීය සමිති අතර එකඟතාවයෙන් පසුව සිදු කෙරේ.

රජයට වාහන මිලදී ගැනීම මින් ඉදිරියට සිදු නොකරනවා. මෙහෙයුම් කල්බදු ක්‍රමයට වාහන රජයට ගනුඇත.නිල වාහන නොමැතිව තමාගේ වාහන භාවිතා කරන රජයේ සේවකයන්ට ඉන්ධන දීමනා වලට අමතරව රුපියල් 50,000 ක දීමනාවක්

මත්තල ගුවන්තොටුපොළ ගුවන් භාණ්ඩ මෙහෙයුම් මධ්‍යස්ථානයක් බවට පත්කිරීමටත් ඒ සඳහා බදු සහන ලබා දීමටත් යෝජනා කෙරේ

දිගන, බදුල්ල සහ පුත්තල යන ප්‍රදේශ වල අභ්‍යන්තර ගුවන් තොටුපොළවල් ඉදි කිරීමට යෝජනා

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පුද්ගලික සමාගමක් සමග එක්ව නව සමාගමක් පිහිටුවා ත්‍රිකුණාමලයේ ඇති ටැංකි 99 කළමනාකරණය කිරීම සඳහා යෝජනාවක්.

රජයේ ආයතන හා පොලීසිය ජාලගත සන්නිවේදන ක්‍රමය උපයෝගී කරමින් සම්බන්ධ කිරීමට රු. මිලියන 250 ක් ලබාදීමට කටයුතු කරනවා. ජාතික පොලිස් ඇකඩමිය මගින් රථවාහන පොලිස් නිලධාරින්ගේ තාක්ෂ‚ක පුහුණුව වෙනුවෙන් රු. මිලියන 100 ක් ලබාදිමට කටයුතු කරනවා

දක්ෂිණ අධිවේගය හා කටුනායක අධිවේගී මාර්ගය කළමණාකරනයට විශේෂ ඒකකයක් පිහිටුවනවා. ඒ සඳහා ආයෝජනයට පෞද්ගලික අංශයට එක්වෙන ලෙස ආරාධනා කරනවා. නොරොච්චෝලේ බලාගාරය සුරැකුම්කිරීමට කාර්යය ඒකකයක් ස්ථාපිතකරනවා. ඒ හරහා අයිතියේ වෙනස් නොවෙනවා.

නල්ලුර් , මහනුවර සහ මාතරට අලූතින් පිළිකා රෝහල් ඇති කෙරේ

වසර දෙකක කාලයක් කාලයක් ඇතුළත පොලිස් නිලධාරීන්ගේ වැටුප් විශමතා ඉවත්කිරීම සඳහා රුපියල් මිලියන 3000ක් වෙන්කරනු ඇත.

පොලිස් ස්ථාන සංඛ්‍යාව 428 සිට 600 දක්වා වර්ධනය කිරීමට රුපියල් මිලියන 1000ක් වෙන්කරනු ඇත.

වකුගඩු රෝගයෙන් පෙළෙන ප්‍රදේශ සඳහා රුධිර කාන්දු කරණ මධ්‍යස්ථාන 1000ක් ඉදිකිරීමට රුපියල් මිලියන 6500ක්, මින්නේරියේ වකුගඩු රෝහලක් ඉදිකිරීමට රුපියල් මිලියන 2000ක්, පිළිකා රෝහල් තුනක් ඉදිකිරීමට රුපියල් මිලියන 3000ක්, කුරුණෑගල හා යාපනය රෝහල් සංවර්ධනයට රුපියල් මිලියන 3000ක්, ජංගම ආරෝග්‍ය ශාලා සඳහා රුපියල් මිලියන 200ක් වෙන්කරනු ඇත.

පාසල් වල භාවිත කර නැති ඉඩම් පෞද්ගලික අංශය හා එක්ව වගා කිරීමට කටයුතු කරනවා. ආදායමෙන් කොටසක් පාසල් සඳහා ලබාදිය යුතු වෙනවා.

අධ්‍යාපනය වෙනුවෙන් දළ ජාතික ආදායෙමන් 5.51% ක් ලබා දී තිඛෙනවා. අධ්‍යාපනයට මිලියන 90000ක් වෙන්කර තිඛෙනවා.

සියලූම විශ්වවිද්‍යාල වයිෆයි කලාප බවට පත්කිරිමට රුපියල් මිලියන 300ක් වෙන්කරනවා.

මාලඹේදී මහපොළ විශ්වවිද්‍යාලක් ආරම්භ කරනවා. එහිදී තොරතුරු තාක්ෂණය, ඉංග්‍රීසි, කලමණාකරණය ඇතුළු පාඨමාලා හැදෑරීමට අවස්ථාව දෙනවා. ඒ සඳහා රුපියල් මිලියන 3000ක් වෙන්කරනවා.

විශ්ව විද්‍යාල සිසුන්ට ලැප්ටොප් ගැනීම සඳහා වසර 3ක පොළී රහිත ණයක්
2018 වනවිට විශ්ව විද්‍යාල සිසුන්ට අධාපනය අවසන් වනතෙක්ම නේවාසිකාගාර පහසුකම් ලැඛෙනු ඇත.
අයවැයෙන් උසස් අධ්‍යාපනය සඳහා කරන වියදමේ සියයට 30ක වැඩිවීමක් කර තිඛෙයි.

විදේශ සිසුන් ශ්‍රී ලංකාවට පැමිනිමේදී ඔවුන්ට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබාදෙනු ඇත.

අධ්‍යාපනයේ ගුණාත්මක භාවය වැඩි කිරීම සඳහා සියලූ ගුරුවරුන් සඳහා වසර 05ක පුහුණු කාලයක් ලබාදීමට කටයුතු කෙරේ.
දිවයිනේ සියලූ පාසල්වල සනීපාරක්ෂක සේවා ලබාදීමට මිලියන 4000ක්, විදුලි පහසුකම් ලබාදීමට මිලියන 2000ක්, ප්‍රාථමික පාසල් 1000 ක් සඳහා රු. මිිලියන 1000 ක් ලබාදෙනු ඇත.
ද්වීතික පාසල් සංවර්ධනයට රුපියල් මිලියන 15000ක්, අවධානය යොමු නොවූ පාසල් සඳහා මිලියන 30000ක, වැවිලි ක්ෂේත්‍ර යේ පාසල් සඳහා මිලියන 250ක්,විද්‍යාගාර ලබාදීමට මිලියන 450ක්, දන්ත සෞඛ්‍ය නැංවිමට මිලියන 250ක් වෙන් කෙරේ.

පෞද්ගලික අංශයේ වැටුප මාසිකව රු. 2500ක් වැඩි කිරීමට කටයුතු කරන අතර, පසුගිය අයවැයෙන් රු. 2500 ක් ලබා දුන් පෞද්ගලික අංශය සඳහා එය බලා නොපායි.
පෞද්ගලික අංශයේ සේවකයන් සතියකට දින 05 සේවා කාලයක් ස්ථීර කරනවා. ඒ හරහා ඔවුන්ට වැඩි විවේක කාලයක් ලැඛෙන අතරම ආයතන වල පරාපාලන වියදම් අඩුවනු ඇත.

රජයේ හා පෞද්ගලික අංශ සේවකයන් සඳහා අර්ධකාලීන රැකියා ක්‍රමයක් ස්ථාපිත කරනු ඇත.

කොටස් වෙළෙඳ පොළේ සිදුවිය හැකි දුර්වලතා මගහරවා ගැනීම සඳහා විනිමය පනත සංශෝධනය කිරීමට කටයුතු කරනු ලැබේ.

පාසලකට ඇතුළත් වෙන සිසුන් සඳහා රුපියල් 250ක අවම වටිනාකමකින් යුත් බැංකු ගිණුමක් විවෘත කිරීමට බැංකු ආයතන එකග කරගන්නා ලදි.
පාසල් නිල ඇඳුම් සඳහා වවුචර් ක්‍රමයක් හඳුන්වා දෙනු ඇත.

අධ්‍යාපනයට දළ ජාතික නිෂ්පාදිතයෙන් 5.41ක් වෙන් කෙරේ

දිවයිනේ සියලූ පාසැල්වල ජල සහ සනීපාරක්ෂක පහසුකම් දියුණු කිරීමට රුපියල් මිලියන 2500ක් වෙන් කෙරේ.
සෑම ළමයකුම වසර 13ක් පාසල් අධ්‍යාපනය හෝ වෘත්තීය පුහුණු ආයතනයක අධ්‍යාපනය ලැබීම අනිවාර්ය කෙරේ
ප්‍රාථමික පාසල් 3577ක් සංවර්ධනයට රුපියල් මිලියන 10000ක් වෙන් කෙරේ.

මුද්‍රිත පොත් ජර්නල් සහ සඟරා සඳහා අයකළ ආනයන බද්ධ ඉවත් කෙරේ.

රැඳවුම් බද්ද අහෝසි කෙරේ.

යතුරුපැදි හා ත්‍රිරෝද රථ වාර්ෂිකව ගෙවිය යුතු තක්සේරු ගාස්තුව රුපියල් 2500ක් කිරීමට යෝජනා කෙරේ. අනෙක් වාහන සදහා එම අගය රුපියල් 15000ක් වනු ඇත.

පුද්ගලික අංශ රජය සම්බන්ධයෙන් කටයුතු කරන අවස්ථාවේදී රජය වෙනුවෙන් වෙනම ගිණුමක් මගින් රජයට ගෙවිය යුතු සියලූ ගෙවීම් සිදුකළ යුතුයි

දිවිනැගුම අරමුදල ජාතික ඉතිරිකිමේ බැංකුව හා ඒකාබද්ධ කෙරෙනු ඇත
ඩී.ආර්. විෙජ්වර්ධන මාවතේ කොළඹ අන්තර්ජාතික මූල්‍ය කේන්ද්‍රස්ථානයක් පිහිටුවන්නට යොජනා කෙරේ.
රෙදිපිළි, සපත්තු, ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ සඳහා අය කරන ආනයන බදු වල වෙනසක් සිදු කෙරේ.

සංචාරක සත්කාර ක්ෂේත්‍රයට සම්බන්ධවීමට කැමති තරුණ තරු‚යන්ට පුහුණු පාඨමාලා

ඉදිකිරීමේ කර්මාන්තයට අමුද්‍රව්‍ය හිඟයකින් තොරව ලබා දීමේ අරමු‚න් ගැඹුරු මුහුදේ වැලි පිරිසිදු කිරීමේ යන්ත්‍ර ගෙන්වීම සඳහා පුද්ගලික අංශයට දිරි ගැන්වීම් ඇති කෙරේ.

සෑම මැතිවරණ කොට්ඨාසයකම නිවාස දහසක් බැගින් ඉදි කිරීමට බිලියන 4.5 ක්

දේශීය බැංකු සඳහා විදේශ වෙළදපලට ඇතුළත්වීම ශක්තිමත් කිරීමට කටයුුතු.
බැංකුවලින් ණය ලබාදීමේදී 10%ක කෘෂි කර්මාන්තය සඳහා වෙන් කිරීමට යෝජනා.
ජාත්‍යන්තර බැංකු හා මූල්‍ය ආයතන සඳහා ශ්‍රී ලංකාවට පැමිŒමට ආරාධනා

ගාලූ කොටුව සංවර්ධනයට මිලියන 500ක් වෙන් කෙරේ.
ඇගලූම්, සපත්තු හා විදුලි උපකරණ ඇතුළු භාණ්ඩ 15ක් ආනයනයේදී බදු ඉවත්කරනු ඇත.

පෞද්ගලික හෝටල් ඉදිකිරීමේදී බදු සහන ලබාදෙනු ඇත.
මේසන්, විදුලි හා ඇලූමිනියම්, වඩු වැඩ පුහුණුවන තරු‚යන් 7000 කට එක අයෙකුට රු. 10,000 බැගින් ලබාදිම සඳහා මිලියන 500 ක් වෙන් කරනු ඇත.
ඉදිකිරීම් සඳහා යොදා ගන්නා වානේ ආනයනයේදී අයකරන බදු ඉවත් කෙරේ.

ඉදිකිරීම් සඳහා පැමිණෙන විදේශ සමාගම් දේශීය ඉදිකිරීම් සමාගම් සමග කටයුතු කළ යුතුආකාරයේ නීති ගෙනෙනු ඇත.

නිවාස දේපළ සීමා කිරීමේ නීති වර්තමානයට ගැලපෙන ලෙස වෙනස් කරනු ඇත.

නව ග්‍රාමීය නිවාස යොජනා ක්‍රම ඉදිකිරීමට යෝජනා කරන අතර ඒ සඳහා රු. මිලියන 4500 ක් ලබාදිමට යෝජනා කරනු ලැබේ. එක් නිවසකට රුපියල් ලක්ෂ තුනක අදියරගත ණයක් දෙන්නටද කටයුතු යෙදේ.

අඩු ආදායම් ලාභීන් වෙනුවෙන් වසර 5ක් තුළ නිවාස ලක්ෂයක් තැනේ.
මුඩුක්කු ජනතාව ගැටලූ විසඳීමට පෞද්ගලික අංශය එක්ව නිවාස 150000ක් තැනීමට කටයුතු කරනු ඇත. ඌණ උපයෝජිත ඉඩම් නිවාස ඉදිකිරීමට යොදාගන්නට අපේක්ෂිතය.
ඉඩම් සඳහා බැංකුවක් ස්ථාපිත කරනඅ ැත.
දොඹකර සහ කොන්ක්‍රිට් මිශ්‍ර යන්ත්‍රසඳහා ආනයන බද්ද ඉවතට

සුර්ය බලශක්තිය සඳහා ජනතාව උනන්දු කිරීමේ වැඩසටහනක් ඇරඹේ.

සුපිරි බද්ධ අහෝසියි. පවතින ඕනෑම බැංකුවක් හරහා ශ්‍රී ලංකාවේ මුදල් ආයෝජනයට විදේශිකයින්ට අවස්ථාව හිමිවේ
රැකියා 500ක් උත්පාදනය කරන විදේශ ආයෝජනවලට 50%ක බදු නිදහසක් ලැඛෙනු ඇත.
නව අපනයන යාන්ත්‍රණයක් සකස් කිරීමට ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය කටයුතු කරනු ඇත. විදේශිකයන්ට ඉඩම් කුලීබදු පදනම යටතේලබාදීමේදී අයකරන බදු ඉවත්කරනු ඇත.
දේශිය හා විදේශීය ආයෝජකයන් ආරක්ෂා කිරීමට නිති ගෙනෙනු ඇත.

රුපියල් බිලියන 10 ක් ඩිජිටල්කරණය සඳහා ආයෝජනය කෙරෙන අතර ජනවාරි පලවනදා සිට ඩිජිටල් හැඳුනුම්පතක් හඳුන්වා දීමට කටයුතු කරනු ඇත.
ඩිජිටල් හැඳුනුම්පත ලැබීමෙන් පසු ලංකාවේ සියලූ බැංකු හා සම්බන්ධ වෙමින් වියදම් කටයුතු ඩිජිටල් ආකාරයෙන් කිරීමට පහසුකම් සැලසේ.

රජයේ ආයතන සියල්ලද ජාල ගත කිරීමට කටයුතු කරනු ඇත.

ධීවර හා කෘෂි කලාප බිහිකිරීමට රුපියල් මිලියන 2000ක් වෙන් කෙරේ.

ආයෝජනය දියුණු කිරීම සඳහා ආයතනයක් ස්ථාපිත කෙරේ.

රත්‍රං ආනයනයට බදු රහිතව බලපත්‍ර 50ක්

ග්‍රාමීය ජනතාවගේ ජිවන තත්තවයට වැඩි කිරීමට පොදු පහසුකම් සංවර්ධනය කිරීමට කටයුතු කරනවා. කෘෂි ව්‍යවසායන් පිහිටුවා ග්‍රමීය සංවර්ධනය ගමකට මිලියන 1500ක් බැගින් මිලියන 21000ක් වෙන් කෙරේ.

විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ යෙදී සිටින්නන්ට සහන දායි ණය

පරිසර දූෂණය වළක්වා පරිසර සමතුලිතතාව වර්ධනයට, ජීව සම්පත් සංරක්ෂණයට මිලියන 2000ක් ලබාදිමට යෝජනා

වන ජීවින් ආරක්ෂා කිරීමට සහ අලි මිනිස් ගැටුම් වැළැක්වීමට රුපියල් මිලියන 4000ක්.

වවුනියාවේ නව ආර්ථීක කලාපයක් ඇති කරන්නට පියවර.

පුවක් නිෂ්පාදනය වැඩිකර වා‚ජ වශයෙන් එය නිෂ්පාදනය කිරීමට කටයතු කරන අතර අපනය අරමුණ අනුව අගය එකතු කිරීමට කටයුතු සිදු කෙරේ.

පොල් නිෂ්පාදනය හා පුනතරුත්තාපනයට රුපියල් මිලියන 250ක් වෙන්කරනු ලැබේ.

තේ මිශ්‍ර කිරීමේදී අගය වැඩි කිරීමට කටයුතු කරන අතර සිලෝන් ටී යන නාමය නොවෙස්ව පවත්වාගෙන යාමට කටයුතු කරනු ඇත..
තේ ආනයන නීති ලිහිල් කරන අතර තේ නිෂ්පාදනයට අගය එකතු කිරීම මගින් ඉහළ ආදායමක් ලබා ගැනීමට බලාපොරොත්තු වෙයි.

දේශීය කුකුළු මස් නිෂ්පාදන පුළුල් කිරීමට කටයුතු කරනවා. මැදපෙරදිග ආදී රටවල්වලට මෙන්ම නව වෙළෙඳ පොළවල් කුකුළු මස් අපනයනය කිරීමට කටයුතු කරනවා

ප්‍රාදේශීය වැවිලි සමාගම් කොටස් වෙළඳපොලට ගෙනයාමට අපේක්ෂිතය.

ධීවරයන් වෙනුවෙන් රුපියල් මිලියනයක රක්ෂණයක් ධීවර වරාය සංවර්ධනයට මිලියන 750ක් ලබාදෙනු ඇත.
ග්‍රෑම් 400 කිරි පිටි උපරිම සිල්ලර මිල 325 සිට 295 දක්වා අඩු කිරීමට යෝජනා කරනවා
කීරි සම්බා වී සඳහා රුපියල් 50ක්, සම්බා වී සඳහා රුපියල් 40ක් හා නාඩු වී සඳහා රුපියල් 38ක උපරිම මිලක් නියම කරනවා. මේ හරහා සහල් කිලෝවක් රුපියල් 65ක මිලකට ලබාගැනීමට පාරිභෝගිකයාට ලබාගත හැකිවෙනවා.

කෘෂි අස්වනු නෙලන කාලයේදී මිල අඩුවීම වැළැක්වීම සඳහා ඉහළ ගුණාත්මක තත්ත්වෙයන් යුතු ගබඩා සකස්කරනවා කෘෂි උපකරණ ආනයනයේදී බදු සහන ලබාදිමට කටයුතු කරනවා ඌණ උපයොජන ඉඩක් පෞද්ගලික අංශයට ලබාදී ඒවා දියුණු කිරීම සඳහා රුපියල් මිලියන 1000ක් වෙන්කරනවා.

නව කෘෂිකර්ම ප්‍රතිපත්තියක්
කෘෂි යන්ත්‍ර සූත්‍ර බදු ඉවතට
ගබඩා කළ අස්වැන්නේ වටිනාකමින් 50% බැංකු ණයක්
වියළි මිරිස්, ආර්තාපල්, ආදී කෘෂි භෝගවලින් රට ස්වයං පෝෂිත කිරීමට කටයුතු
සුපිරි වෙළද සැල් වලින් කුඩා හා මධ්‍යපරිමාණ කර්මාන්ත කරුවන් සඳහා කුඩා ඉඩක් ලබාදෙන ලෙස ඉල්ලීමක්
ප්‍රයෝජනයට නොගත් කෘෂිකාර්මික කටයුතු සඳහා රජයේ ඉඩම් පෞද්ගලික අංශයට

සාංගමික ව්‍යාපාර බදු අඩු කිරීමට කටයුතු
පුත්තලම, මොණරාගල, යාපනයේ කුඩා කර්මාන්ත උයන් ඉදි කරන්නට සැලසුමක්.
කුඩා හා මාධ්‍ය පරිමාන ව්‍යවසායකන් සඳහා අවශ්‍ය ස්කන්ධ ප්‍රාග්ධන පහසුකම්
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ණය ආරක්ෂණ වැඩපිලිවෙලට රුපියල් මිලියන 500ක අරමුදලක්

ක්ෂුද්‍ර මූල්‍ය ආයතන විධිමත් කිරීමට පියවර
කුඩා හා මධ්‍ය රැකියා උත්පාදනය සඳහා රජය කොටස්කරුවකු වනවා

පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් ඇති කළ යුතුයි

විභාග මූලික අධ්‍යාපන ක්‍රමය වෙනුවට දක්ෂතාව මූලික අධ්‍යාපන ක්‍රමයක්
අධ්‍යාපන ක්‍රමයේ හරවත් නවීකරණ විය යුතු වෙනවා. අඩු පහසුකම් සහිත පාසල් දරුවන්ට අවශ්‍ය පහසුකම් සැලසිමට කටයුතු කරනවා’

නාගරික ප්‍රදේශවලට ඉහළ ප්‍රමිතියෙන් යුත්
පොදු ප්‍රවාහන සේවයක්

වයස්ගත ජනගහනය වැඩිවීම සහ සෙමින් සිදුවන ජනගහන වර්ධනයට පිළියම්

නිදන්ගත වකුගඩු සහ පිළිකා රෝග ඩෙංගු උවදුර තුරන් කිරීමට පියවර

විශ්‍රාම වැටප් පිරිවැය ජනතාවට දැරිය හැකි ආකාරයට සකස් කරනවා. විශ්‍රාම වැටුපේ අඩු කිරීමක් සිදුකරන්නේ නෑ. රජයට සේවකයන් බදවා ගැනීම අඩු කරන්නේ නෑ’
විශ්‍රාම වැටුප් සඳහා විකල්ප ක්‍රම ඇතිකිරීමට අවධානය යොමු කරනවා

ජනවාරි මාසයේ සිට ඒ ඒ අමාත්‍යාංශවල වෙන්කළ වියදම් කළ ආකාරය නියාමනය කරනවා’

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY