කුවේට්‌හි සේවය කරමින් සිටියදී මියගොස්‌ ඇති කැකිරාවේ කාන්තාවගේ මරණය ඝාතනයකින් සිදුවූවක්‌ බව අනාවරණය වී තිබේ.

කැකිරාව ශාස්‌ත්‍රවෙල්ලිය පදිංචි දෙදරු මවක්‌ වන ජයවතී ඉලංගසිංහ (50) මීට වසර දෙකකට පෙර කුවේට්‌ හි ගෘහ සේවයට ගොස්‌ ඇති අතර ඇය 2015.11.04 මියගොස්‌ ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති ආයතනයේ නිලධාරීන් පිරිසක්‌ කැකිරාවේ ජයවතී මහත්මියගේ නිවසට පැමිණ ඇයගේ සැමියාට පවසා තිබිණි.

මේ අනුව ජයවතී මහත්මියගේ මෘත ශරීරය 2015.11.13 ශ්‍රී ලංකාවට ගෙනවිත් ඇති අතර පශ්චාත් මරණ පරීක්‍ෂණය මීගමුව රෝහලේ හදිසි මරණ පරීක්‍ෂක සිරි ජයන්ත වික්‍රමරත්න මහතා විසින් සිදුකර ඇති අතර, ඔහු ප්‍රකාශ කර ඇත්තේ මියගොස්‌ ඇති කාන්තාවගේ ශරීරයේ ස්‌ථාන කිහිපයකට උල් ආයුධයකින් ඇන ගෙල කපා තිබුණු බවකි.

 

 

 

 

   මියගොස්‌ ඇති ජයවතී මහත්මිය සේවයකළ නිවසේ තවත් ශ්‍රී ලාංකික ගල්ගමුව පදිංචි කාන්තාවක්‌ සේවය කර ඇති අතර අදාළ දිනයේ සිය සේවය කළ නිවසේ හිමිකරු විසින් ජයවතී මහත්මියට මුගුරකින් පහර දී ගෙල කපන බව තමන් දුටු බව එම ගල්ගමුවේ කාන්තාව විසින් මියගිය කාන්තාවගේ ඥාතියකු වන ඩී. එම්. රෝහණ මහතාගේ දුරකථනයට ප්‍රකාශ කර ඇති අතර එම ප්‍රකාශය රෝහණ මහතා විසින් පටිගත කර තිබේ.

මියගිය ජයවතී ඉලංගසිංහ මහත්මියගේ සැමියා වන චJද්‍රසිරි මහතා කියා සිටින්නේ තම බිරිඳ ඝාතනය කිරීම සම්බන්ධව සාධාරණ පරීක්‍ෂණයක්‌ රජය විසින් සිදු කර දෙන ලෙසය.

 

 

සුදත් ඒකනායක

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY