meera

 

සිකුරාදා දිනවල මැද පෙරදිග උද්‍යාන සහ ජනාකීර්ණ පෙදෙස් වල අපේ කෝලම් බැලිය හැකියැයි එහි වෙසෙන අපේ හිතවතියක් විසින් කියනු මතකය
“කෝලම් නොකර මෙන්න මෙහෙ වරෙන්” යයි යයි කියා කෙනෙක් තවෙකෙකු ඇද ගෙන යනු දැක තිබේ
ලපටි නිවේදිකාවන්ගේ කෝලම් බලන්නට බැරි නිසා රුපවාහිණිය වසා දැමූ වැඩිහිටියෙකු ගේ ඇද වූ මුහුණත් තහඩුව ද මතක් වේ

අවඥාවෙන් කථා කලද පහත රට නැටුම් සම්ප්‍රදායයේ උත්කර්ෂවත් අංගයකි කෝලම්
ජස කෝළම , නොංචි කෝළම , වැනි ජාත්‍යන්තර ගෞරවයට පාත්‍ර වූ කෝළම් පෙළක් අප සතුව ඇත
ඒවා අභාවයට යා නොදී රැක ගැනීම සහ නව පරපුර තුළ ජනප්‍රිය කරවීම ජාතික යුතුකමකි
ලෙබනනයේ මීරා මාධ්‍ය කණ්ඩායම ඒ වහකීම කරට ගෙන ඇත
මැද පෙරදිග යුධ ගින්නෙන් දැවුණු රටක රැකියාවල නිරත වන අතර එවැන්නක් ඉටු කිරීමට සැබෑ ජාතික කැක්කුමක් සහ “කළා උණක් “තිබිය යුතුය

මේ මස 8 වන දින ලෙබනනයේ සැලොමි MAC විදුහල් ක්‍රීඩාංගන යෙදි එවැනි සුන්දර අවස්ථාවක් දැක බලා ගැනීමට ලෙබනනයේ ලාංකිකයන්ට අවස්ථාව හිමි වේ
දේශීය කළා අංග රැක ගැනීමේ මේ වෑයමට කව්රුත් සහය දිය යුතුය
මව්බිමේ සිට අපේ ප්‍රවීණ කළා කරුවන් ගෙන්වා , මීරා කණ්ඩායම ලෙබනනයේ වෙසෙන අපේ මිනිසුන්ගේ ජීවිත වලට අලුත් අරුතක් එක් කරමින් සිටී

මේ උත්සාහය සාර්ථක වේවායි අප ප්‍රාර්ථනා කරමු

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY