පොලීසියෙන් සිසුන්ට අමානුෂික ප්‍රහාරයක් !

0
1474

 

           යහ පාලනය ?polis 2

  කොළඹ වෝඩ් පෙදෙසේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් කාර්යාලය ඉදිරිපිට මහපාර හරස් කරමින් උද්ඝෝෂණයේ යෙදුණු අන්තර් උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලොමා සිසුන් පළවා හැරීම සඳහා පොලිසිය ජල ප්‍රහාර හා කඳුළු ගෑස් ගැසීය.
තමන් ඇත තිබූ බැටන් සහ වෙනත් පොලු මුගුරු වලින් එල්ල කළ මේ අමානුෂික ප්‍රහාරයේදී සිසුන් මෙන්ම සිසුවියන්ද විශාල සංඛ්‍යාවක් බරපතළ තුවාල ලැබුහ

polis

කළහකාරී ලෙස හැසිරුණු සිසුන් ද පොලිසියට ප්‍රහාර එල්ල කර ඇති අතර සිසු පිරිසක් පොලිස් අත්අඩංගුවටද ගෙන ඇත.

මේ අතර පොලිසිය අමානුෂික ලෙස පහර නොදෙන බවත්, එලෙස දෙනවා නම් එය අනුමත නොකරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අද (29) පොලිස් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.

Web_20151029anthare

පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඔවුන් මගින් සාක්කි සොයා ගැනීමේ ක්‍රමය අතහැර දැන් පොලිසිය සිදු කරන්නේ සාක්කි සොයා ගෙන සැකකරුවන් අත්අඩංගුවට ගැනීම බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පැවසීය.

 

ජායාරුප හා විඩියෝ – ළහිරු හර්ෂණ

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY