කරාටේ ශූර වසන්ත සොයිසා මහතා ඝාතනය කිරීමට සම්බන්ධ වූ සැකකරුවන් විසිහතර දෙනකු මෙම මිනී මැරුම සිදු වී පැය දෙක තුනකට පමණ පසු අනුරාධපුරේ ශ්‍රාවස්‌තිපුර තේක්‌ක කැලෑවේ මත්පැන් සාදයක්‌ පවත්වා ඇතැයිද මිනීමැරුම සිදු කිරීමට යොදා ගත් පොලු කීපයක්‌ සහ පොරොව ඇතුළු ලේ තැවරී ඇති රෙදි කැබිලි රාශියක්‌ ගිනි තබා ඇතැයිද පොලිස්‌ පරීක්‍ෂණවලදී හෙළිවී ඇත.

මෙහිදී සමහර පොලු ගින්නට ලක්‌වී නැති අතර ගින්නට ලක්‌ වූ පොරෝ තලය රත්වීම හේතුවෙන් සැකකරුවකු එම පොරෝ තලය තේක්‌ක කොලයකින් අල්ලා වළලා තිබූ බව පොලිසිය කියයි.

කෙසේ වෙතත් මෙසේ වළලා තිබූ පොරෝ තලය පොලිසිය විසින් සොයාගෙන තිබුණි. වසන්ත සොයිසා මහතා මරුමුවට පත්වීමෙන් පසු ප්‍රධාන සැකකරු වූ ලොක්‌කා සහ ඔහුගේ පවුලේ උදවිය නිවස අත්හැර ගොස්‌ තිබේ.

මේ අතර සොයිසා මහතා ඝාතනය කිරීමේ සැලැස්‌ම  දැනගෙන සිටි බව කියනු ලබන හෝටල් ව්‍යාපාරිකයකුද පොලිස්‌ භාරයට ගෙන තිබේ.

Karate champion killed in Anuradhapura attack (Watch Video)

නෝමන් පළිහවඩන

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY