81

මෙසිනා නගරයේ වෙසෙන බොහෝ දෙනෙක් ඈ හඳුනන්නේ විනීත දහම් පාසල් ගුරුවරියක ලෙසිනි
කා සමගත් ප්‍රසන්න ලෙස කථා බහ කළ මේ රූමත් තරුණිය ගේ නිසල මළ සිරුර ඉරිදා රාත්‍රියේ ඇගේම නිවෙසින් හමු විය

මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ බෝලවත්ත කම්මල ප්‍රදේශයේ සිට ඉතාලියට පැමිණි හිමාලි භද්‍රා සමරසේකර නමැති 30 හැවිරිදි තරුණියකි
ඇගේ දිගු කාලීන සහකරු සිද්ධිය සිදුවන අවස්ථාවේ මිතුරන් සමග නගරයේ සාදයකට සහභාගී වෙමින් සිටි බව කියැවේ

ඔහු නිවසට පැමිණෙන විට වයරයකින් ගෙල වැල ලා ගෙන ඇය මියගොස් සිටි අතර වහාම තනිවම ඇය බිමට ගත් ඔහු ආධාර ඉල්ලා කෑ ගසා ඇත
මරණය සිදු වූ ස්ථානයේ කැඩී බිඳී ගිය බෆල් යන්ත්‍රයක් තිබී ඇති අතර දෙදෙනා අතර කලක් තිස්සේ ආරවුල් පැවතී බව අසල්වැසියන් පවසයි
මෙය මනුෂ්‍ය ඝාතනයකැයි සැක කරණ පොලිසිය තරුණයා අත් අඩංගුවට ගෙන ඇති අතර ප්‍රශ්ණ කිරීමෙන් පසුව එදිනම ඔහු මුදාහැර ඇත .හෙට මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතය

82

NO COMMENTS

LEAVE A REPLY