උතුරු දිග ඇෆ්ගනිස්තානයේ සහ පාකිස්තානයේ ඇති වූ දරුණු වූ භූමි කම්පාවක් හේතුවෙන් පුද්ගලයන් 250ක් පමණ මරුමුවට පත් වී තිබේ.

ගොඩනැගිල්ලක් කඩා වැටීම හේතුවෙන් පාකිස්තානයේ පනස් දෙනකු මරුමුවට පත් වී ඇති බවයි බලධාරීන් පවසන්නේ.

භූමි කම්පාව ඇති වීමත් සමග ගොඩනැගිල්ලෙන් පිටතට පැන යෑමට උත්සාහා කළ ඇෆ්ගනිස්ථානයේ පාසල් දැරියන් දොළොස් දෙනෙකු තෙරපී පයට පෑගී මරුමුවට පත් වී තිබේ.

රෝහල් බලධාරීන් කියා සිටියේ තෙරපීම හේතුවෙන් තුවාල ලැබූ දැරියන් අතරින් කිහිප දෙනකුගේ තත්වය බරපතළ බවයි.

ඇෆ්ගනිස්තානයේ හින්දු කුෂ් කඳුකර කලාපයේ හට ගෙන ඇති එම භූමි කම්පාව භූකම්පන මාපකයේ මැග්නිටියුඩ් 7.5 ලෙස සටහන් වී ඇති බවයි ඇමරිකානු භූවිද්‍යා පර්යේෂණ ආයතනය නිවේදනය කළේ.

භූචලනයත් සමග ඉන්දියාවේ දිල්ලි අගනුවර වැසියන් වීදි දෙසට දුව ගිය බව එම අවස්ථාව ඇසින් දුටුවෙක් පැවසුවේය.

භූචලනය හේතුවෙන් දුරකථන සන්නිවේදන පහසුකම් විසන්ධි වී ඇත

මෙම කලාපය තුළ මීට ඉහතදීත් ප්‍රබල භූ කම්පන වාර්තා වී තිබේ.

පාකිස්තාන පාලනයේ පවතින කාශ්මීරයේ 2005 වසරේ ඇති වූ භූමි කම්පාව හේතුවෙන් මරුමුවට පත් පිරිස 75,000 කට අධිකයි.

එම භූමි කම්පාව භූකම්පන මාපකයේ මැග්නිටියුඩ් 7.6ක් ලෙස සටහන් විය.

earthquake in pakistan, quake in pakistan, earthquake in north india, earthquake in Delhi

මේ වසරේ අප්‍රේල් මාසයේ නේපාලයේ ඇති වූ දරුණු භූමි කම්පාව හේතුවෙන් 9000 කට ආසන්න පිරිසක් මරුමුවට පත් වූහ.

නේපාලයේ ඇති වූ භූමි කම්පාව හේතුවෙන් විනාශයට පත් හෝ හානි සිදු වූ නිවාස සංඛ්‍යාව 900,000 කට ආසන්නයි.

ඇමෙරිකානු භූවිද්‍යා සමීක්ෂණ ආයතනයේ වාර්තාවන්ට අනුව අද සවස් කාලයේ ඇති වූ මෙම භූ කම්පනයේ අපි කේන්ද්‍රය ඊ්සානදිග අෆ්ගනිස්ථානයේ ජර්ම් ප්‍රදේශයෙන් කිලෝමීටර් 45ක් දුරින් පිහිටා ඇත.

මෙම භූ කම්පනය කාබුල් නගරයට මෙන්ම, ඉන්දියාවේ නවදිල්ලිය හා පාකිස්තානයේ ඉස්තාම්බුල් නගරයටද දැනී තිබේ.

Massive earthquake rips through northern Afghanistan

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY