කෙල්ල මඟුල් ගෙදර යන්න ආවේ නැති නිසා ගිනි තියා ගත්තා කියා පුතා කිව්ව

0
2511

 දෙමටගොඩ පුද්ගලයාගේ මරණ පරීක්‌ෂණය පියා සාක්‌ෂි දෙයි


දෙමටගොඩ ප්‍රදේශයේ 33 හැවිරිදි අවිවාහක පුද්ගලයකු සිය ශරීරයට ගිනි තබා ගෙන සියදිවි නසා ගැනීමේ සිද්ධියක්‌ කොළඹ නාගරික හදිසි මරණ පරීක්‌ෂණ උසාවියේ පැවැති සාක්‌ෂි විභාගයකදී අනාවරණය විය.
මෙලෙස සිය දිවි නසා ගෙන ඇත්තේ දෙමටගොඩ, ශ්‍රී ධර්මාරාම පාරේ පදිංචිව සිටි සිම්සන් ඉලයරාජා නමැති අයෙකි.


මේ සම්බන්ධ මරණ පරීක්‌ෂණය කොළඹ නාගරික හදිසි මරණ පරීක්‌ෂක මොහොමඩ් අෂ්රµa රූමි මහතා හමුවේ පැවැති අතර එහිදී සාක්‌ෂි දුන් මියගිය අයගේ පියා වන මුතුරාජන් සිම්සන් (62) යන අය මෙසේ පැවැසීය.
මියගොස්‌ සිටින්නේ මගේ පුතා. ඔහු අවිවාහකයි. මේ සිද්ධිය වූ දා පාන්දර ඔහු ගෙදරට යන පාරේ ගිනි තියා ගත්තා.
ඊට පෙරදා රාත්‍රි මංගල උත්සවයට ගිහින් රාත්‍රි 12.00 ට පමණ ඔහු ගෙදර ආවා. ඉන්පසු ඔහු ඇඳුම් මාරු කරලා පාරට යනවා කියලා ගියා. පසුව පාන්දර 3.00 ට විතර දැනගත්තා ගෙදරට පොඩ්ඩක්‌ එහා පුතා ගිනි තියාගෙන කියලා.
පසුව මා ගෙදරින් එළියට ආවා. එවිට මා දැක්‌කා පුතා පිච්චිලා හිටගෙන ඉන්නවා. අනතුරුව මා කට්‌ටියක්‌ එක්‌ක එකතුවෙලා පුතාව කොළඹ ජාතික රෝහලට අරන් ගියා. පුතාට ප්‍රේම සම්බන්ධයක්‌ තිබුණා. පුතා ගිය මංගල උත්සවයට යන්න යාලු ගෑනු ළමයට පුතා කතා කරලා තියෙනවා කියලා දැනගත්තා.

නමුත් ඇය ආපු නැති නිසා පුතා ගිනි තබා ගත්තා කියලා ආරංචියි. මේ ගෑනු ළඹයා දෙමටගොඩ ගාමන්ට්‌ එකකයි වැඩ කරන්නේ. ඇය පදිංචි කොහෙද කියලා නම් මා දන්නේ නැහැ.
රෝහලේදී මා පුතා සමග කතා කළා. මම පුතාගෙන් ඇහුවා ඇයි ගිනි තියාගත්තේ කියලා. කෙල්ල මඟුල් ගෙදර යන්න ආපු නැති නිසා ගිනි තියා ගත්තා කියලා පුතා මට එහිදී කිව්වා. මම එවිට පුතාට කිව්වා උඹ මෝඩයෙක්‌. ඇයි මේ වගේ දේකට ගිනි තියා ගත්තේ කියලා”.
මෙහිදී සාක්‌ෂි දුන් මියගිය අයගේ මිතුරකු වන මාවුන් සුබ්‍රමනියම් (45) යන අය මෙසේ පැවැසීය.
මියගොස්‌ සිටින්නේ මගේ යාළුවෙක්‌. මොහුට ප්‍රේම සම්බන්ධයක්‌ තිබුණා. ඒකට යාළුවෝ කීපදෙනෙක්‌ මොහුට දොස්‌ කිව්වා. විහිළු කළා. ඒ නිසා මොහු හොඳටම හිතේ අමාරුවෙන් හිටියා. ඒ ගෑනු ළමයාගේ චරිතය හොඳ නැහැ. පිට පළාතක ඉන්න ගෑනු ළමයෙක්‌. මේ දෙමටගොඩ, ආරාමය පාරේ ගාමන්ට්‌ එකකයි වැඩ කරන්නේ.

මේ සිද්ධිය වූ දා මොහු මඟුල් ගෙදරක ගියා. ඒ ගිහින් පාන්දර 1.00 ට විතර මගේ කාමරයට මොහු ආවා. ඒ ඇවිත් කෙල්ල ගැන වචන දෙක තුනක්‌ කිව්වා. යාළුවන් එක්‌ක හිත් අමනාප වෙලා ආපහු ඔහු ගෙදර ගියා. පසුව මා යාළුවෝ දෙන්නෙක්‌ එක්‌ක සිගරට්‌ එකක්‌ බොන්න කාමරයෙන් එළියේ පාර පැත්තට ආවා. එතකොට මියගිය යාළුවා එයාගේ ගේ ඉදිරිපිට ඉන්නවා දැක්‌කා. අපි ඔහුට කතා කළා. තේ එකක්‌ බොන්න. නමුත් ඔහු ආවේ නැහැ. පසුව අපි වත්තේ කොට්‌ටම්බා ගහ ළඟට ආවා. අපි ඒ ඉන්න කොට ඔහු ගිනිකූරක්‌ ගහලා ඇඟට දාගත්තා. එහිදී ඔහු පිච්චුණා.

 

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY