උතුරු නැගෙනහිර යළි ඒකාබද්ධකර 13 බලාත්මක කළ යුතුයි

පසුගිය ආණ්‌ඩුවේ ඇමැතිවරයකු හා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ උප සභාපතිවරයකු වූ විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ශ්‍රීලනිපයෙන් හා එහි උප සභාපති ධුරයෙන් ඉල්ලා අස්‌ වී ඇත.

තමා ආනන්ද සංගරී මහතාගේ නායකත්වයෙන් යුත් ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණට සම්බන්ධ වී ඉදිරියේදී දේශපාලන කටයුතු කරන බව විනයාගමූර්ති මුරලිදරන් මහතා පැවසීය.

 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්වී දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ සමග එක්වීමට තීරණය කිරීමෙන් අනතුරුව

13 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යළි බලාත්මක කළ යුතු බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් මහතා පවසයි.

 

එල්. ටී. ටී. ඊ. සංවිධානයේ නැගෙනහිර නායකයා වශයෙන් කටයුතු කොට ඇති කරුණා අම්මාන් පසුව එම සංවිධානයෙන් ඉවත් වී දේශපාලන ප්‍රවාහයට එක්‌විය. අනතුරුව තමිල් මක්‌කල් විඩුතලෙයි පුලිගල් (ටී. එම්. වී. පී.) පක්‍ෂය පිහිටුවාගෙන එහි නායකයා වූ කරුණා අම්මාන් 2008 දී එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ ජාතික ලැයිස්‌තු මන්ත්‍රීවරයකු වශයෙන් එවකට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් පත්කරනු ලැබීය. 2008 දී ශ්‍රීලනිපයට එක්‌වූ ඔහුට ජාතික ඒකාබද්ධතා අමාත්‍ය ධුරය ද හිමි විය. කරුණා අම්මාන් ශ්‍රීලනිප උප සභාපති පදවියට පත්කරනු ලැබුවේ 2009 වසරේදීය.

පසුගිය මහ මැතිවරණයේදී ඔහු එජනිස ජාතික ලැයිස්‌තුවට ඇතුළත් කොට තිබූ නමුත් මන්ත්‍රී ධුරයක්‌ නොලැබුණි.

කරුණා අම්මාන්ගේ ඉල්ලා අස්‌වීමේ ලිපිය ඊයේ දහවල් වනතුරුත් පක්‍ෂයට ලැබී නැතැයි ශ්‍රීලනිප මූලස්‌ථානයේ නිලධාරියෙක්‌ පැවසීය.

 

 

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY