විමල්ට ඇප

0
1052

wimal_w_b1

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මන්ත්‍රීවරයා අද පස්වරුවේ ඇප මත මුදා හැරිණ.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද පස්වරුවේ මන්ත්‍රීවරයා මීගමුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 2ක් සහ රුපියල් දස දහසක ශරීර ඇප මත ඔහු මුදා හරින ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.

විදෙස් ගමන් බලපත්‍ර 2ක් සන්තකයේ තබා ගනිමින් ආගමන විගමන පාලකවරයාට අසත්‍ය තොරතුරු ලබා දීම සම්බන්ධයෙන් විමල් වීරවංශ මෙලෙස අත්අඩංගුවට ගැනිණ.

නැතිවී යයි කියන විදේශ ගමන් බලපත්‍රයකින් රට යෑමට පැමිණි හිටපු ඇමැති විමල් වීරවංශ රහස් පොලිසියෙන් ප්‍රශ්න කිරීමෙන් පසු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ඒ අනුව ඔහු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණ‍යට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අධිකරණය පිළිබඳ ප්‍රශ්නයක් නොවේ නම් වීරවංශ ගේ ප්‍රශ්නයට විසඳුමක් දිය හැකි බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු එසේ කීවේය.

 

අසංක බණ්ඩාර

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY