ලංකාවේ නම වනසන කුවේට් සංගීත සංදර්ශණ අර්බුදය

    0
    5480

     

    53

    ශ්‍රී ලංකාවෙන් පිටත වැඩිම දේශීය සංගීත සංදර්ශන පැවැත්වෙන රට කුවේටයයි
    සෑම සතියකම ශ්‍රී ලංකාවේ සිට ගායක ගායිකාවන් රැසක් පැමිණේ
    ලංකාවේ භුමි ප්‍රමාණයෙන් 1/4 ක් තරම් කුඩා වූවද සෑම සති අන්තයකම සංගීත සංදර්ශනයක් වරදින්නේ නැත
    එහි වෙසෙන බොහෝ දෙනා අන්ත දුගී බවින් මිදීමට අඩු වැටුපකට අරාබි කාන්තාරයේ ශ්‍රමය වගුරන්නන්ය
    ඔවුන්ගේ ප්‍රධානතම විනෝදය50 අපේ සංගීත සංදර්ශනයකට පැමිණ නටා ගයා නිවාඩු දවස ගත කිරීම පමණි

    මෑතක සිට ශ්‍රී ලංකාවේ නාමය රැක ගැනීමට කුවේට් හී ලාංකිකයන්ට නොහැකි තත්වයක් මතු වී ඇත
    ඒ ප්‍රධාන වශයෙන්ම සංගීත සංදර්ශණ වල ඇතිවන ගහ මරා ගැනීම් නිසාය
    ශ්‍රී ලංකාවේදී එදා වේල සපයා ගැනීමට නොහැකිව මෙහි පැමිණ යාන්තම් ඩිනාර් අත ගෑවෙන විට මත් පැනින් උගුර තෙමා ගන්නා කිහිප දෙනෙක්
    ජනතාව ඉදිරියේ වීරයන් බවට පත් වීමට ගන්නා බොළඳ උත්සාහය නිසා මේ සටන් ඇරඹේ

    52

    මෑතකදී පැවති සෑම සංගීත ප්‍රසංගයක්ම පාහේ අතරමග නවතා දමන්නට සිදු වීමෙන් සංවිධායකයන්ටත් , අමාරුවෙන් හරි හම්බ කරගත් මුදල් ගෙවා පැමිණි රසිකයන්ටත් විශාල අසාධාරණයක් සිදුවන අතර බරපතළම හානිය සිදුවන්නේ අපේ රටේ නමටය
    දැන් කුවේටයේ ශ්‍රී ලාංකික උත්සවයකට ශාලා ලබාදීම නවතා දමමින් යයි
    බීමතින් ලේ වගුරුවමින් මරා ගන්නා ලාංකිකයන් තමන්ට මහත් හිසරදයක් බව හවාලි නගරයේ පොලිසිය පවසයි

    55

    සංගීත සංදර්ශන සංවිධානය කරණ කණ්ඩායම් අතර සමගියක් නැති කම නිසා අනෙකාගේ ප්‍රසංගය කඩා කප්පල් වනු දැකීමට සමහරු කැමතිය
    මේ නිසා හිතා මතා ආරවුල් ඇති කල අවස්ථාවන් ඇත
    පසු ගිය සතියේ ඊට වඩා වෙනස් සිදු වීමක් නිසා අතර මගදී ප්‍රසංගයක් නවතා දැමීමට සිදු විය
    ශාලාව තුළ මත් පැන් ඇතැයි කිසිවෙකු විසින් පොලිසියට දැනුම් දී තිබූ අතර ; පරීක්ෂා කිරීමේදී ඒවා සොයා ගත හැකි විය
    දැඩි පරීක්ෂාව යටතේ ප්‍රේක්ෂකයින් ඇතුල් කරණ අතර මත් පැන් ශාලාව තුළට රැගෙන ආවේ කෙසේද යන්න ගැටලුවකි
    ඇතැම් විට ප්‍රසංග කඩා කප්පල් කරණ නව ක්‍රම වේදයක් විය හැකිය

    54

    කෙසේ වෙතත් කුවේට් දේශයේ ප්‍රසංග කලාව රැක ගැනීම අතවශ්‍ය කරුණකි
    එහි ශ්‍රී ලාංකේය සංගීත කණ්ඩායම් 5 ක් පමණ තිබේ
    ලාංකිකයන් සතු ශබ්ද සහ උපකරණ සපයන ආයතන 4 ක් තිබේ
    දක්ෂ සංදර්ශන නිවේදකයන් 5 දෙනක් සිටි
    උත්සව රුපගත කරණ කණ්ඩායම් 3 ක් සිටි
    සෑම වර්ෂයකම අති දක්ෂ ආධුනික ගායක ගායිකාවන් පිරිසක් එරටින් බිහි වේ
    නිති පතා ලංකාවේ කලා කරුවන් ගෙන්වා උපහාර පුදන “සොමිසඳ සමාජය ” ඇත්තේ කුවේටයේය
    ශ්‍රී ලාංකිකයෙකු සතු ලෝකයේ විශාලතම වීඩියෝ නිෂ්පාදනා ගාරය සහ අති නවීන කැමරා පද්ධතිය සහිත “මිරාජ් මිඩියා” ඇත්තේ කුවේට් දේශයේය
    සෑම සිකුරාදා දිනකම ශාලා පිරි ඉතිරී යන ප්‍රේක්ෂකයින් සිටින්නේ කුවේටයේය
    මෙනයින් බොහෝ දෙනෙක් සංගීත ප්‍රසංග කලාව සමග ජීවිකාව සරි කර ගනී

    52

    ශ්‍රී ලාංකීය නාමය ආරක්ෂා කර ගැනීම උදෙසා පෙරමුණ ගෙන ක්‍රම වේදයක් සකස් කර ගැනීමට එක්වන ලෙස කුවේට් දේශයේ සිටින සියලුම ලාංකිකයන්ගෙන් අප ඉල්ලා සිටිමු
    ඔවුන් සියලු දෙනා හමු වී මේ පිළිබඳව කරණු ලබන සාකච්චාවක් බලා පොරොත්තු වන්න

    51

     

     sithtv@gmail.com

    Comments

    comments

    NO COMMENTS

    LEAVE A REPLY