පිහි පහරින් තුවාල ලත් අපේක්ෂිකාව පුරපතිනිය වෙයි

0
1043

මුස්ලිම් සරණාගතයන්ට සහය දැක්වීමට එරෙහිව ජර්මනියේ විරෝධතා

නාඳුනන පුද්ගලයෙකු පිහි ප්‍රහාරයකට පසුගියදා මුහුණ දුන් ජර්මනියේ කොලොන් හි පුරපති අපේක්ෂිකාවක වූ හෙන්රියට් රෙකර්, පැවැති මැතිවරණයෙන් ජයග්‍රහණය කර එම ධුරයට තේරී පත් වී ඇත.

ආන්දෝලනාත්මක සරණාගත ප්‍රශ්නයේදී රෙකර් සරණාගතයන්ට සහය පළ කිරීම නිසා එයට විරෝධය දැක්වීමට මේ ප්‍රහාරය සිදු කර ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත.

මෙම ප්‍රහාරය වැළැක්වීමට උත්සාහ කළ රෙකර්ගේ සහයකයෙකුට හා තවත් පුද්ගලයින් තිදෙනෙකුද මෙහිදී තුවාල ලැබූහ. මෙහිදී රෙකර් සහ සහයකයාගේ තත්ත්වය තරමක් බරපතළ වූ බව සඳහන් වේ. එය කෙතරම් ද යත් මරණීය තත්ත්වයෙන් මිදුනද රෙකර්ගේ තත්ත්වය තවමත් අවිනිශ්චිත බවද එක් වරක් වාර්තා විය.

ජර්මනිය පවසන්නේ යුධ කලාපවල සිට පැමිණෙන සරණාගතයන් තම රටට ගැටලුවක් බවයි. මෙම ආකල්පය නිසා සරණාගතයින් වෙසෙන නිවෙස්වලට නිතරම ප්‍රහාරද එල්ල වේ. මේ වසරේ පමණක් එවැනි පහරදීම් පන්සියයකට අධික ප්‍රමාණයක් වාර්තා වී ඇත.

ඊට අමතරව ආපසු තම තමන්ගේ රටවලට යන ලෙස බල කරමින් විවිධ වැකි සඳහන් පුවරු ප්‍රදර්ශනය කිරීමට ද ජර්මානුවන් පෙළඹී සිටී. මෙහි දරුණුම තත්ත්වය වන්නේ සරණාගතයින්ට මරණීය තර්ජන එල්ල කරමින් යොමු කරන පණිවුඩ බවත් එවන් පැමිණිලි රාශියක් ද තමන් වෙත ලැබෙන බවත් පොලිසිය පවසයි.

එවන් තත්ත්වයක් යටතේ හෙන්රියට් රේකර් සරණාගතයින් වෙත දක්වන සහයට ජර්මානුවන් එරෙහි වීම පුදුමයට කරුණක් නොවේ. ඊට විරෝධය පළ කරමින් සිදුකළ මෙම පිහි ප්‍රහාරයෙන් දිවි බේරා ගැනීමත්, කොලොන්හි පුරපතිනිය ලෙස පත් වීමත් බොහෝ විට රෙකර්ට වඩා සරණාගතයින් ගේ වාසනාවට සිදු වුවා යැයි සිතිය හැකිය.

මේ වසරේ ජනවාරියේ සිට මේ දක්වා සරණාගතයින් 577.000ක් පමණ භාර ගෙන ඇති අතර එය 2014 වසරේ පැමිණි මුළු සංඛ්‍යාව මෙන් දෙගුණයක් පමණ‍ වේ. මේ වසර අවසානය වන විට සරණාගත අයදුම්පත් ප්‍රමාණය 800,000 පමණ වනු ඇතැයි ජර්මනිය බලාපොරොත්තු වේ.

A German city official who was stabbed in the neck in an attack apparently over her work with refugees was elected on Sunday as the first female mayor of the western city of Cologne.

Henriette Reker, who was in stable condition in hospital after being seriously injured in Saturday’s assault, has become the most prominent victim of a growing backlash against a huge influx of migrants to Germany.

Standing as an independent, though close to the ruling Christian Democrats (CDU) of the chancellor, Angela Merkel, the 58-year-old had been the frontrunner to enter town hall and the final results gave her a clear win with 52.6% of the vote.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY