නළු නිළි ප්‍රේම සම්බන්ධතා අපේ රටේ පමණක් නොව මුළු මහත් ලෝක සිනමාවේම ප්‍රචලිතය. නිතර නිතර එකට තුරුළු වී ආදර හැඟුම් රිදී තිරයේ මැවූ තාරකාවන් පසුව සැබෑ ජීවිතයේ අඹු සැමියන් වූ කතාන්දර ලෝක සිනමාවේ විරල නැත.
එඩී ජයමාන්න රුක්මණී දේවි යුගයේ සිට අද දක්වාම අපේ කලා ලොවේදී පෙම් සම්බන්ධතා මෙන්ම… එම සම්බන්ධතා දුරදිග ගොස් ඔවුනොවුන් අඹුසැමියන් වූ කතාන්දර ද එමටය. මුල් යුගයේ ප්‍රේම් ජයන්ත්, ශාමලි, ස්ටැන්ලි පෙරේරා, ගර්ලි ගුණවර්ධන, ෂර්ලි ප්ලියින්, සිසිර පියසේන, ගාමිණී ෆොන්සේකා, සුමිත්‍රා, රවින්ද්‍ර රන්දෙනිය, ප්‍රීති සෙනවිරත්න ආදි එවන් නළු නිළියන් ඇතුළු තව බොහොමයක් කැමරාව අබියස දී හාද වී සැබෑ ජීවිතයේ අඹු සැමියන් බවට පත් වූහ.
ගිය සතියේ ජනප්‍රිය රූමත් නිළි සනුජා බිබිලේගේ තනි යහනේ දිවි ගෙවනා රස රහස් හෙළිදරව් කිරීමේදී ඇය මෙසේ පැවසුවා ඔබට මතක ඇතැයි සිතමි.
“….ඔයා මාව හොඳින් දන්නවනේ. මම ජීවිතේට නළුවකුට පෙම් කරලා නෑ. ඔක්කොම හොඳ සුහද මිතුරන්.”
ඇය මා සමඟ පැවසු මෙය මට පුංචි විස්මයක් ජනිත කළේය.
“හිතන්න අමාරුයිනේ සනුජා. එහෙම සම්බන්ධතා එමටයිනේ.”
“වෙන්න පුළුවන්. ඒත් මට මෙහෙමයි.”
“ඔයා අසාමාන්‍යයි. ප්‍රේමය හුරු නෑ?”
ඇය දෑස් විසල් කොට මා දිහා බැලුවාය.
“නැහැ. නැහැ. එහෙම වෙන්නේ කොහොම ද? එහෙනම් මහ බබාගේ අපූරු නිර්මාණයක් වෙන්න ඕන. මම අවංක ආදරේට පූජා කරන්න සූදානම්. ආදරය නැති ජීවිතය සඳ නැති රාත්‍රියක් වගේ. කිසිම මනුෂ්‍යයෙකුට බැහැ ආදරයක් නැතුව ඉන්න.”
“ඉතින් එහෙව් පූජනීය ආදරයක්නේ ඔයා ප්‍රතික්ෂේප කරන්නේ”
“නැහැ නැහැ වරදවා හිතන්න එපා. මම ප්‍රතික්ෂේප කළේ සුන්දර අවංක ආදරය නොවේ. එසේ නොවී ආදරය අපේක්ෂා කරන අයවයි.”
සත්‍යයකි. සොඳුරු කන්ද උඩරට ජීවිතය ඇය සම්පූර්ණයෙන්ම ගත කළේ දෙමාපියන් සෙවණේය. එහිදී කි
සියම් රැකවලයකින් යුතුව ගත කිරීමට ඇයට සිදුවිය. නිසි ආදරවන්තයකු ගැන සිතීමට ඒ නිසා අවකාශ නොලද්දා විය යුතුය. කොහොමත් ඇය පාසල් කාලයේ හොඳින් අධ්‍යාපනික කටයුතු සඳහා කාලය මිඩංගු කිරීමට පේ වූවාය. බස් හෝල්ට් එකේදී හමු වූ පෙම්වතා ‘පිං පාටයි මූණ පෙම් පානා – මා නෙත් මත් කළේ දිලි දිලි දල්වුණේ…’ කියද්දීත් ඇගේ හදවතේ පෙම් පහනක්
දැල්වුණේ නැත්තේ මෙම පරිසරය මැද්දේ ජීවත් වූ නිසා විය හැකිය.
එහෙත් කොළඹ ජීවිතය ඇයට තරමක නිදහසක් ලත් ජීවිතයක් විය.
සැබැවින්ම සනෝජා පවසන්නාක් මෙන් ආදරය නැති ජීවිතය සඳ නැති අඳුරු රැයක් බඳුය. එහෙත් සිනමාවේ සුන්දර තාරකාවක් වූ සනෝජා බිබිලේට අඳුරු රැයක් වන් දිවියක් ගත කළ හැකි ද?
ඇය මිස් ශ්‍රී ලංකා ලෙස කිරුළු පැලඳීම අති චමත්කාරජනක ජයග්‍රාහී මොහොතක් මෙන්ම එදින සොඳුරු සැන්ඳෑව ඇගේ හදවතට මල්සර පහස ලැබු ආදරණීය මොහොතක් ද විය.
“මිස් සනෝජා my heart’s best whishe’s සනුජා. I am so happy.
ඇත්තමයි ඔයා අපූරු රැජිනක්මයි.”
47
කඩවසම් වැදගත් පෙනුමැති තරුණයකු ඉතා ආචාරශීලීව ඇයට හෘදයාංගමව සුබ පැතුවේය. බො‍හොමයකගෙන් ලත් සුබ පැතුම්වලට වඩා මේ කඩවසම් තරුණයාගේ ළයාන්විත සුබ පැතුම ඇගේ හද පත්ලටම දැනී ගියේය.
“සනු මට තරහා නැතුව ඔයාගේ නම්බර් එක දෙනව ද? ප්ලීස් සනු…”
මුලින්ම මිස් සනුජා… සමුගනිද්දී ‘සනු’ ලෙස දයාබර ආමන්ත්‍රණයන් විය. එය දයාබරත්වය ඉක්මවා ගියේය.
මිස් සනුජා ‘සනු’ බවට පත් වී I Love you…. ලෙස ඔහු කෙමෙන් කෙමෙන් අමතද්දී I Love you my dear Sanu... දක්වා එය හෘදයාංගම ආදරයක් බවට පත්විය.
ඔහු යුසුෆ් ය. ඇත්තෙන්ම ඇයට යුසුෆ් තුළින් සුවිශේෂ ලක්ෂණ හදට දැනෙන්නට විය. ඔහු ඉතා හෘදයාංගම මෙන් ම අවංක තරුණයෙකි. ඒ එක්කම විනෝදකාමී යහපත් තරුණයෙකි.
ඇත්තෙන් ම යෞවන සනෝජාගේ හදට දැනුණු යුසු‍ෆ්ගේ ආදරය අතිශය මනරම් විය. එය සංවරශීලී මියුරු ආස්වාදජනක අන්‍යොන්‍ය ආදරයකි.
“එයා හරි ආසයි විනෝද චාරිකා යන්න. ඩාන්ස් කරන්න. සොඳුරු සැන්දැ කාලවල දෑත් පටලවාගෙන සක්මන් කරන්න… ඔහු ඒ වගේ අහිංසක විනෝදකාමී චරිතයක්. මම එයාට කැමැති. ඒ නිසයි. ඒ වගේම එයාගේ අදහස් හරිම දයාබරයි.”
සනෝජා එසේ පවසමින් සිට මඳක් නිහඬ වූවාය.
“ඒත් මම හිතනවා ප්‍රේම ලෝකය හරිම විරහව වේදනාව, ශෝකය, සන්තාපය උරුම තැනක් කියලා.”
එසේ පැවසු සනුජා යළිත් කල්පනාවක නිමග්න වූවාය. ඇගේ මුහුණ පුරා වැටි ඇත්තේ වේදනාබර ඉරියව්ය.
ඔවුන් දෙන්නා ආගම් දෙකක නිසා මෙම චමත්කාරජනක ආදරයට සමුදෙන්නට ඇයට සිදු වූවාය. පසුව තව ද පුංචි පුංචි ප්‍රේම සම්බන්ධකම් තිබුණ ද සනෝජාගේ වදනින්ම පැවසුවහොත් ඇය නිසි ආදරයක් නොලත් රූමතියකි.

“සහතික ඇත්ත. මට මම සොයන මා පතන ආදරයක් නිසි ලෙස ලැබී නැහැ. මගේ අනාගතයට මුළුමණින්ම බාර දෙන්න නම් ආදරවන්තයෙක් හමුවෙලා නෑ.”

“ඔයාට ජීවිතයේ තනිකමක් පාළුවක් දැනෙන්නේ නැද්ද?”
“එහෙම නැහැ කිව්වොත් හදවතට එකඟ නෑ. වේලාවකට දරාගන්න බැරි පාළුවක් තනිකමක් කාන්සියක් දැනෙනවා. ගමනක් බිමනක් යන්න වුණාම මේක තදින්ම දැනෙනවා. මගේ වාහනය මම ම පදවගෙන තට්ට තනියමම තමයි මංගල උලෙළකට පාටියකට වුණත් යන්න වෙන්නෙ. මගේ මිතුර මිතුරියන් බොහොමයක් සාර්ථක ජීවිත ගත කරනවා. දූ දරු හුරතල් බලනවා. මම ඒ ගැන සතුටු වෙනවා.”
“ඒත් විවාහ විය යුතු වයස පසු කළත් සනෝජා බිබිලේ තාම තනි යහනේ කල් ගෙවනවා. එහෙම ද සදහටම?”
“නැහැ… එහෙම වේවි කියලා මම හිතන්නේ නැහැ. මා පතන නිසි ආදරයක් ලැබුණොත්… මා සොයන ගුණාංගයන්ගෙන් යුතු පුද්ගලයකු ළෙන්ගතුව සමීප වුණොත්… සමහර විට සමහර විට… ඔහුට මගේ පිවිතුරු ආදරය පුදන්නත්… සැමදා ඔහුගේ පෙම්බර බිරිය ලෙස අනාගතයට බාර දෙන්නත් මම ඉඩ තියෙනවා…”
සනෝජා ඉතාම හැඟුම්බර මෘදු ස්වරයෙන් මුමුණුවාය.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY