කොන්ඩයා එළියට , සොහොයුරා ඇතුළට

0
1193

2010692108konadaya-n-saman2කොටදෙණියාව, සේයා සදෙව්මි දැරිය ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටි දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයා එකී චෝදනාවෙන් නිදහස් කර තිබේ.

කෙසේ වුවද මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පාපොච්චාරණයක් කළ බව පැවසූ ඔහුගේ අයියා වන සමන් ජයලත් නැමැත්තා ලබන මස 02 වැනිදා දක්වා රිමාන්ඩ් කර ඇත.

සේයා ඝාතනය සම්බන්ධයෙන් සිදුකළ ඩී.එන්.ඒ පරික්ෂාවෙන්ද සමන් ජයලත් නැමැත්තාගේ ජාන සේයා දැරියගේ සිරුරෙන් ගනු ලැබූ සාම්පල හා සැසඳුණ බව පසුගියදා අනාවරණය විය.

එසේම කොණ්ඩයා මෙකී චෝදනාවෙන් නිදහස් කළද ඔහුට එල්ල වී ඇතැයි කියන වෙනත් චෝදනා සම්බන්ධයෙන් යළි රිමාන්ඩ් කිරීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

ඒ අත්තනගල්ල හා ගම්පහ අධිකරණ වල ඔහු  සම්බන්ධයෙන් පවත්නා නඩුවලට අදාළවය.

ඒ අනුව සැකකරු ලබන මස 20 වනදා අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයටත් ලබන මස 21 වනදා ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණටත්  ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර නිලධාරින්ට නියෝග කර ඇත.

ada derana

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY