edu

දරුවාව ශිෂ්‍යත්ව විභාගෙන් එතෙර කර ගන්න අම්මලා තාත්තලා දැරූ වෙහෙස ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ
ඒත් මේ ලියන මොහොතෙ බලාපොරොත්තු කඩවුණු දෙමාපියන් කී දෙනෙක් ඒ පුංචි හිත සනසනවා වෙනුවට තම කෝපය ප්‍රකාශ කරමින් සිටිනවාදැයි නොදනිමි
මාස ගණනාවක් එක එල්ලේම වෙහෙස වී මේ ලකුණු කිහිපයක් අඩු වීමෙන් ඇතිවන දුක වේදනාව දරුවා මතින් පහකර ගන්නට හදන දෙමාපියන් දැනගත යුතු කරුණ නම් , ඔබේ දොස් පරොස් නිසා ඇතැම් විට දරුවාගේ මුළු අනාගතයම විනාශ වී යා හැකි බවයි
මේ එක කඩ ඉමක් පමණයි
අපේ අධ්‍යාපන ක්‍රමයේ පවතින විෂමතාවය නිසා ලකුනක දෙකක අඩු වීම නිසා ජනප්‍රිය පාසලකට ඇතුළුවන්නට නොලැබේවි
එහෙත් ඒ ළමා හිත තව තවත් ශක්තිමත් කර ඊළඟ කඩඉම් සඳහා සුදානම් කර වීමයි මේ මොහොතේ සිදුවිය යුත්තේ

මේ වනවිට මාධ්‍ය හරහා කුඩා දරුවන් ට සිය දිවි නසා ගැනීම ගැන වැරදි ආදර්ශයක් සපයා ඇති බවත් ඉච්චා භංගත්වයට පත්ව වේදනාවෙන් සිටින දරුවා තවදුරටත් පෙළීමෙන් අප නොදැනුවත්වම බරපතළ වරදක් සිදු විය හැකි බවත් මතක් කල යුතුයි
සිය දිවි නසා ගැනීම වීර ක්‍රියාවක් හෝ ගැටළු වලට පිළිතුරක් ලෙස ළමා මනසට දැනෙන ආකාරයේ සංනිවේදනයක් සමාජ ගත වී තිබෙන මොහොතක තම කුඩා දරුවන්ගේ මානසිකත්වය පිළිබඳව අවදියෙන් සිටීම සමස්ත වැඩි හිටි පරපුරේම වග කීමක්
දරුවා ඔබේ නොවුනත් ඔවුන් ගැන අවධානයෙන් සිටින්න
ආදරය කරුණාව හා දිරි ගැන්වීම මිස දොස් පැවරීම මේ දුක්බර මොහොතේදී දරුවාට අකැප බව සිතන්න
ලකුණු අඩු වීමෙන් තැවෙන දෙමාපියන්ට මොහොතකට තම ළමා කාළයට යා හැකි නම් කුඩා දරුවන් දෙස වඩා කරුණාවෙන් බැලිය හැකිය

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY